මේ කියන්න යන්නේ අද උදෑසනින්ම අහන්න ලැබුණු අවාසනාවන්ත සිදුවීමක් ගැන කතාවක්..
කාත්තන්කුඩියේ සිට කොළඹ දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් සේරුනුවර කන්තලේ මාර්ගයේ, සේරුනුවර යුද හමුදා කඳවුර ඉදිරිපිටදී බිහිසුණු අනතුරකට ලක්ව තිබෙනවා...
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අයිනේ තිබූ ගසක වැදී මාර්ගයෙන් ඉවතට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ..
ඊයේ (19) රාත්‍රී 11.55ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර ඒ අවස්ථාවේ බස් රථය තුළ මගීන් 48ක් පමණ සිට ඇති බවයි වාර්තා වෙන්නේ..
අනතුරින් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් සේරුනුවර රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පවසන්නේ..
ඔවුන්ගෙන් පිරිසක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රීකුණාමලය රෝහලට ඇතුළත්කර ඇති අතර සිදුවීම පිළිබඳව සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි..