ගල්කිස්ස, සිරිපාල මාවතේදී ප්‍රදේශයේ අද (19) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එහිදී සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවෙකු ගිනි අවියද සමඟ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී බුද්ධික මනතුංග සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.