විදුලිබිල අඩු කිරීමත් සමඟ ෆොටෝ කොපියක මිල අඩු කිරීමට තීරණය කළ බව ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව රුපියල් 3 ත් 5 ත් අතර ප්‍රමාණයකින් ෆොටෝ කොපියක මිල අඩු කරන බවයි එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේ.
එසේම ලිපි ද්‍රව්‍ය ආශ්‍රිත මිල ගණන්ද අඩු කිරීමට රජය මැදිහත්විය යුතු බව ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.