මේ ලිපියෙන් ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ වදමල් වලින් අපිට ලබාගන්න පුළුවන් ප්‍රතිලාභ ගැනයි.
එහෙනම්, බලමු මොනවද ඒ කියල.
ස්වභාවික ප්‍රතිඔක්සිකාරක සංයෝගයක් ලෙස
වදමල් ස්වභාවික ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් කියල ඔබ දැනන් හිටියද?
ප්‍රතිඔක්සිකාරක කියන්නේ ඔබේ සෛල වලට හානිකරන සංයෝග වලින් ඔබේ සෛල ආරක්ෂා කරන්න ක්‍රියා කරන අණු වර්ගයක්.
වදමල් වල තියෙන මේ ප්‍රතිඔක්සිකාරක ගුණය ගැන මීයන් යොදාගෙන කරන ලද පරීක්ෂණයකින් සනාථ කරගෙන තිබෙනව වගේම එය මිනිසුන් සඳහාද සාර්ථක ලෙස ක්‍රියාකරනු ඇතැයි ඒ පරීක්ෂණ දිගින් දිගටම ක්‍රියාත්මක කරන පර්‍යේෂකයන්ගේ අදහස වී තිබෙනවා.
රුධිර පීඩනය අඩු කිරීමට හේතු වේ
වදමල් වල වඩාත්ම ජනප්‍රිය වගේම ආකර්ෂණීයම ගුණාංගය විදිහට රුධිර පීඩනය අඩු කිරීමට ඒවාට ඇති හැකියාව හඳුනාගන්න පුළුවන්.
දීර්ඝකාලීන රුධිර පීඩනය නිසා ඔබේ හදවතට අමතර ආතතියක් ඇතිවෙන අතර කෙමෙන් කෙමෙන් ඔබේ හදවත දුර්වල කිරීමටත්, විවිධ හෘද රෝග ඇතිවීමටත් බලපාන්න පුළුවන්.
වදමල් තේ පානය කරන පිරිසක් යොදාගෙන කරන ලද පර්‍යේෂණයක් මඟින් ඔවුන්ගේ රුධිර පීඩනය අඩුවූ බව නිරීක්ෂණය කරගෙන තිබෙන අතරම මේ ගැන තවදුරටත් සොයා බලා තහවුරු කිරීමට පර්‍යේෂණ ක්‍රියාත්මකයි.
විශේෂයෙන්ම දැනටමත් රුධිර පීඩනය ඇති ඔබ ඒ සඳහා ලබාගන්නා ඖෂධ සමඟම වදමල් තේ පානය භයානක ප්‍රතිඵල ලඟා කරදෙන්න පුළුවන් නිසා ඒ ගැන නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතාම වැදගත්.
රුධිරයේ කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩිදියුණු කරයි
වදමල් වලට රුධිරයේ හොඳ කොලෙස්ට්රෝල් එහෙමත් නැත්නම් HDL මට්ටම වැඩි දියුණු කරන්න පුළුවන් හැකියාව ගැන කතාබහට ලක්වුනත් මේ පිළිබඳව කරන ලද පර්‍යේෂණ වලින් පරස්පර ප්‍රතිඵල ලැබී තිබුණු බව ඔබට සඳහන් කළ යුතුමයි.
සමහර පර්‍යේෂණ වලට භාජනය වූ පුද්ගලයන්ගේ හොඳ කොලෙස්ට්රෝල් එහෙමත් නැත්නම් HDL මට්ටම වැඩි වී නරක කොලෙස්ට්‍රෝල් විදිහට හඳුන්වන LDL මට්ටම අඩුවී තිබෙනුත්, තවත් පර්‍යේෂණයකට භාජනය කළ පුද්ගලයන්ගේ නරක කොලෙස්ට්‍රෝල් විදිහට හඳුන්වන LDL මට්ටම වැඩිවී, HDL මට්ටම අඩුවී තිබෙනුත් නිරීක්ෂණය වී තිබුණා.
අක්මාවේ නීරෝගී බව පවත්වාගෙන යාමට
ඔබේ අක්මාව ප්‍රෝටීන නිපදවීම, පිත ශ්‍රාවය සහ මේදය බිඳදැමීම වැනි සමස්ත සෞඛ්‍යයටම බලපාන ක්‍රියා රාශියක් ඉටුකරන ඉතාම වැදගත් ඉන්ද්‍රයක් නිසා අක්මාවේ නීරෝගී බව පවත්වාගෙන යාම අතිශයින්ම වැදගත් බව ඔබ දන්න කාරණාවක්.
අක්මාවේ කාර්‍යක්ෂමතාව වැඩි කිරීමට සහ අක්මාව නීරෝගීව පවත්වා ගැනීමට වදමල් වලට හැකියාව ඇතිබව ඒ ආශ්‍රිතව කරන ලද පර්‍යේෂණයකින් සොයාගෙන තිබෙනවා.
ශරීරයේ බර අඩුකිරීමට
අධ්‍යනයන් කීපයක් මඟින් පෙන්වා දී ඇති ආකාරයට වදමල් වලට ශරීරයේ බර, ශරීර ස්කන්ධ දර්ශකය, ඉණ සහ උකුල අතර අනුපාතය අඩු කරන්නත් ආහාර රුචිය අඩුකර ශරීරයේ බර අඩුකරන්නත් ක්‍රියාකරන බව සඳහන් වෙනවා.
නමුත්, මේ පිළිබඳ සනාථ කරන්න තවත් පර්‍යේෂණ අවශ්‍ය බව පර්‍යේෂකයන් පෙන්වා දී තිබෙනවා.
හිසකෙස් වල නිරෝගී බවට
විටමින් A සහ C වලින් සංතෘප්ත වදමල් සාරය හිසකෙස් වර්ධනයට, හිසකෙස් ඝනකම් කරන්න වගේම හිසකෙස් වල නීරෝගී දීප්තිමක් පෙනුමක් ලබාදෙන්න උපකාරී වෙන බව සොයාගෙන තිබෙනවා.
ඒ වගේම අකලට හිසකෙස් පැසීම වළක්වන්නත් හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කරගන්නත් වදමල් වලින් ලබාදෙන්නෙ හොඳ සහයක්.
පිළිකා වර්ධනය අඩාල කිරීමට
ප්‍රභල පිළිකා නාශක සංයෝග ලෙස හඳුන්වන පොලිෆෙනෝල් සංයෝග ඉහළ මට්ටමකින් වදමල් වල අඩංගු බව සොයාගෙන තිබෙනවා.
ඒ නිසාම, විද්‍යාගාර තුළ කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵල ලෙස වදමල් සාරය මුඛයේ සහ ප්ලාස්මා සෛල වල පිළිකා, පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා, පියයුරු සහ ආමාශය ආශ්‍රිත පිළිකා වල වර්ධනය අඩාල කිරීමට හේතුවූ බව සොයාගෙන තිබෙන නිසා මිනිස් සිරුර තුළ මේ පරීක්ෂණ සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි පර්‍යේෂකයන් පෙන්වා දෙන්නේ.
බැක්ටීරියා වර්ධනය අඩාළ කරයි
විද්‍යාගාර තුළ කරන ලද පර්‍යේෂණ වල ප්‍රතිඵල අනුව e.coli වැනි බැක්ටිරීයා කීපයක වර්ධනය අඩාල කරමින් ඒවා නිසා ඇතිවෙන රෝග වැළඳීමේ අවධානම අඩුකිරීමේ හැකියාවක් වදමල් වලට පවතින බව සොයාගෙන තිබෙනවා.
නමුත්, මිනිස් සිරුර තුළ මේ හැකියාව එලෙසම පවතී දැයි සොයාබැලීමට මේ පර්‍යේෂණ තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු යැයි පර්‍යේෂකයෝ සඳහන් කරනවා.
ඉතිං, වදමල් වල තියෙන මේ ගුණයන් නිසාම ඉතා පහසුවෙන් පිළියෙල කරගන්න පුළුවන් වදමල් තේ අද වෙද්දි වෙළඳපොලේ දකින්න ලැබෙන ඉතාම ජනප්‍රිය නිෂ්පාදනයක් බවට පත්වෙලා තියෙනව.
උණු ජලයේ පොඟවා ගත් වදමල් වලින් ලබාගන්නා යුෂ ස්වභාවික වර්ණයක් ලෙසත් යොදාගන්නව ඔබ දැකල ඇති.
අපි ඔබට අවධාරණයෙන් මතක් කරන කාරණාවක් තිබෙනවා ඒ තමයි අපි එකිනෙකාගෙ සිරුරු එකිනෙකාට වෙනස් නිසා වදමල් පානය කරන්න කලින් ඒ පිළිබඳව නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්‍ය බව.
අන්තර්ජාලයෙන්...