Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
18
රුපියල් කෝටි 28ක සල්ලි ගෝනියක්...බුදු අම්මෝ ගෙදර නෝනාවත් දන්නේ නෑලූ , මෙච්චර සල්ලි තියෙනවා කියලා....

- රුපියල් කෝටි 28ක සල්ලි ගෝනියක්...බුදු අම්මෝ ගෙදර නෝනාවත් දන්නේ නෑලූ , මෙච්චර සල්ලි තියෙනවා කියලා....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සතුව තිබී ඊයේ (17) සොයාගත් රුපියල් කෝටි 28ක මුදලක් සොයාගනු ලැබුණා... 

හරක් කටාගේ ප්‍රධානතම ගෝලයෙක් වන විදේශගතව සැඟව සිටින රන් මල්ලි නම් අපරාධකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මේ වනවිට අනාවරණ කරගෙන තිබෙනවා...

පොලිසිය පැවසුවේ එම මුදල්වලින් මැඩගස්කරයේ මැණික් මිලදී ගෙන එම මුදල් සුදුකිරීමට සැකකරු සූදානම්ව සිට ඇති බවයි....

ඉතිහාසයේ මෙතෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතු වූ වැඩිම මුදල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර උප ඒකකයේ නිලධාරීන් විසින් කුරුණෑගල ප්‍රදේශයේ නිවසකින් සොයාගනු ලැබුණා...

එම මුදල රුපියල් කෝටි 28ක් වූ අතර එහිදී සැකකරුවකු ද අත්අඩංගුවට ගත්තා...

සැකකරු සතුව තිබී මැණික් ගල්වලට සමාන පාශාණ තොගයක් ද විමර්ශන නිලධාරීන් සොයාගත් අතර ඔහුව අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා ගනු ලැබුවා...

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා...

සැකකරු එහිදී පවසා ඇත්තේ, අදාළ මුදල් හරක් කටා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධානතම ගෝලයෙකු වන විදෙස්ගතව සැඟව සිටින රන් මල්ලී නැමැත්තාට අයත් බවයි...

හරක් කටා අත්අඩංගුවට පත්වීමෙන් පසුව මේ වන විට දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධානතම පුද්ගලයන් අතුරින් අයෙක්වන්නේ රන් මල්ලී නැමැත්තා බව වාර්තා වෙනවා...

ඒ අනුව අත්අඩංගුවට පත් වූ පුද්ගලයා රන් මල්ලිගේ උපදෙස් මත රුපියල් ලක්ෂ 3කට අධික මුදලක් වැයකර කුරුණෑගල පිහිටි නිවසට සේප්පුවක් ද මිලදීගෙන තිබෙනවා...

සැකකරු දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පාසල් වියෙහි සිට රන් මල්ලි නැමැත්තාගේ මිතුරෙක් බවයි සොයාගෙන තිබෙන්නේ...

ඒ අනුව රන් මල්ලි අදාළ පුද්ගලයා අමතා තමන්ගේ මුදල් ළඟ තබාගැනීමට හැකියවක් පවතිනවා ද යන්න පිළිබඳව විමසා තිබෙනවා...

ඊට එකඟවී ඇති අදාළ පුද්ගලයා පසුව රන් මල්ලිගේ උපදෙස් මත කඩවත හා කොළඹ ප්‍රදේශවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් තමන් සතුව තබාගෙන පසුව රන් මල්ලි පවසන අවස්ථාවලදී වෙනත් පුද්ගලයන්ට ලබා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා...

තමන්ට නොයක් පුද්ගලයන්ගෙන් රන් මල්ලීගේ උපදෙස් මත විවිධ පාර්සල් ලැබෙන බවත්, ඒවායේ කුමක් තිබෙනවාද කියා පරීක්ෂා නොකර විවිධ පුද්ගලයන්ට ලබාදීම සිදුකරන බවත් සැකකරු විමර්ශන නිලධාරීන් හමුවේ පවසා තිබෙනවා...

ඇතැම් අවස්ථාවලදී රන් මල්ලි සිය ජංගම දුරකතනයට එවන ස්ථානවලට ගොස් මුදල් හා පාර්සල් තබා එන බවද සැකකරු විසින් හෙළිකරලාලු...

ඔහුගේ උපදෙස් මත සැකකරු වෑන් රථයක් හා කැබ් රථයක් රුපියල් කෝටි 3කට අධික මුදලක් වියදමී කර මිලදී ගත් බවත් රන් මල්ලිගේ උපදෙස් මත මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස මෙරට තුළ ලියාපදිංචි වී ඇති බවත් පොලීසිය සොයාගෙන...

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ, රන් මල්ලි තමන්ට ලබාදුන් උපදෙස් මත ඔහුගේ මුදල්වලින් මෙරටින් මැණික් ගල් රැගෙන මැඩගස්කරය බලාගොස් ඒවා එරට තුළ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානමින් සිටි බවයි...

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සතුව මෙපමණ මුදලක් තිබෙන බවට ඔහුගේ බිරිය ද දැන සිට නොමැති බවද වාර්තා වෙනවා...

එමෙන්ම ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව ද රන් මල්ලී නැමැත්තා දුරකතන ඇමතුම් කිහිපයක් ලබාගෙන ඇති බව ද වාර්තා වෙනවා...

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකරනු ලබන බවයි වාර්තා වෙන්නේ... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top