ඔබ වෙළඳපලකට හෝ පොලකට ගිය විට රැගෙන එන පැල වු හෝ කොල පැහැති අර්තාපල් ඔබට /ඔබගේ දරුවන්ට මාරාන්තික වන බව ඔබ දන්නවාද ?
ආර්තාපල් අල නෙලාගෙන කාලයක් යාමේදී සහ ආලෝකයට නිරාවරණය වු විට හරිතප්රද ඇති වී ප්රරෝහනය ආරම්භ වේ.
මේ නිසා අර්තාපල් කොල පැහැය වේ. තවත් කාලයක් ගිය විට අර්තාපල් වල අංකුර පැදේ. මෙම කොල පැහැ ස්ථාන වල සොලනීන් නැමැති විෂ සහිත රසායනිකය නිපද වේ.
මෙය ස්වාභාවික ආරක්ෂණ යන්ත්රයක් වන අතර ප්රරෝහනය වන අර්තාපල් කෘමි හා බැක්ටීරියා හානි විම වළකයි. තවද ශාක භක්ෂකයින් කා දැමීමද වළකයි.
මේ අනුව සර්ව භක්ෂකයින් වන අපටද මෙම අර්තාපල් ආහාරයට ගැනීම මරණයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැකිය.
විශේෂයෙන් මෙම සොලනීන් පිසීමේදි ඉවත් නොවේ. පොත්ත ඉවත් කිරීමෙන් 30% ක් පමණ ඉවත් වී යයි.
මෙම අල අනුභවයෙන් පැය 8- 12 ත් අතර රෝග ලක්ෂණ පහළ වේ. මෙම රෝග ලක්ෂණ ඇති වීමට 2 – 5 mg/kg ශරීරබර අනුව ශරීරගත විය යුතුය. මෙය සොලනීන් විෂ වීම ලෙස හඳුන්වයි.
• පාචනය ඇතිවිය හැකිය.
නිසි ප්රතිකාරය නොලැබුණ හොත් මරණය පවා සිදුවිය හැකිය. විකෘති සහිත දරු උපත් ඇතිවිමටද හේතු විය හැකිය.
එම නිසා ඔබත් වෙළඳපලෙන් කොල පැහැ හෝ පැළ වුනු අර්තාපල් රැගෙන ඒමෙන් වළකින්න.
ආර්තාපල් හොඳින් නිරීක්ෂණය කොට නිවසට රැගෙන යන්න. එය ඔබගේත් ඔබගේ දරුවාගෙත් නීරෝගිමත්භාවයට හේතු වනවා ඇත.
උපුටා ගැනීමක්