Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
18
ඔබේ සිරුර අභ්‍යන්තරයේ ලෙඩ ඇති බව පෙන්නුම් කරන, මේ ලක්ෂණ ඔබටත් තියෙනවද?

- ඔබේ සිරුර අභ්‍යන්තරයේ ලෙඩ ඇති බව පෙන්නුම් කරන, මේ ලක්ෂණ ඔබටත් තියෙනවද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12 Views
නීරෝගීව ක්‍රමවත්ව ක්‍රියානොකරන විට ඒ බව විවිධ රෝග ලක්ෂණ මඟින් පෙන්නුම් කරන්නට පටන්ගන්නවා.

ඔබේ සිරුරේ නීරෝගිකම ‍රැකගැනීමට නම් ඔබේ සිරුර ගැන හොඳ අවධානයක් අවබෝධයක් ඔබට තිබීම ඉතා වැදගත් වෙනවා. බොහෝ අය තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ.

සිරුර රෝගී වී ඇති බව විවිධ රෝග ලක්ෂණ මතුවීම් මඟින් සංඥා කළත් ඇතැම් පුද්ගලයින්ගේ නොසැලකිල්ල නිසා රෝග තත්වයන් උත්සන්න වන තුරුම එම තත්වයන් කල් තියා හඳුනාගන්නට බොහෝවිට හැකිවන්නේ නැහැ.

එවැනි අවදානම් වළක්වාගැනීමට නම් ඔබේ සිරුරේ ඇතිවන වෙනස්කම් පිළිබඳව හොඳ අවධානයකින් සිටිය යුතුයි.ඔබත් පහත සඳහන් ආකාරයේ රෝග ලක්ෂණ අත්දකිමින් සිටිනවාද?

එසේ නම් එම ලක්ෂණ ගණන් නොගෙන ඉන්න එපා. දිගින් දිගටම පීඩාකාරී ලෙස මෙම රෝග ලක්ෂණ සිරුරේ මතුකරයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගැනීමට කටයුතු කිරීම නුවණට හුරුයි.

යම් යම් දේවල් පාවෙනවා පෙනීම
(floaters) ඉඳ හිට යම් යම් දේවල් පාවෙනවා මෙන් ඇස් වලට පෙනීම ලොකු ගැටලුවක් නොවෙයි.නමුත් මෙය දිගින් දිගටම ඇතිවෙයි නම් ඒ ඇසෙහි දෘෂ්ටි පටලය (විතංසතිය) ඈත්වීම (retinal detachment),ඉරීයාම හෝ ඇසේ ප්‍රදාහය වැනි බරපතල ගැටලුවක් නිසා විය හැකියි. නිසි ප්‍රතිකාර වෙත යොමුනොවුණොත් ස්ථීර ලෙස ඇස් පෙනීම අහිමිවී යාමට ඉඩ තිබෙයි.

අධික උණ 
උණතත්වය ඉබේ පහව යයි කියා අනුමාන කළත් අධික උණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැලකිලිමත් විය යුතුයි.බැක්ටීරියා ආසාදන හෝ නියුමෝනියා වැනි අවදානම් උත්සන්න වීම වළක්වාගැනීමට එය වැදගත්.පැහැදිලි හේතුවක් නැතිව ඇස් වල වේදනාවක් දැනීම ඇස් වල වේදනාකාරී බවක් දැනීම සංසන්ධිතදාහය (conjunctivitis) නම් ඇස් ආසාදනයේ ලක්ෂණයක් විය හැකියි. මෙය බැක්ටීරියා, වෛරස හෝ ආසාත්මිකතා බලපෑමින් ඇස් වල ඇතිවන පීඩාකාරී ප්‍රදහය (ඉදිමුම්) තත්වයක්.මෙය වහාම ප්‍රතිකාර අවශ්‍ය ගැටලුවක්.ඇස් වල වේදනාව ඇතිවීම ඇස් ආශ්‍රිත වෙනත් සංකූලතාවක් වීමට ද ඉඩ ඇත.

හුස්ම හිරවීම 
ව්‍යායාම වගේ ඇඟ මහන්සි වෙන වැඩක් කළ පසු සුලු වෙලාවක් යනතුරු හුස්ම ගැනීම අපහසු ගතියක් දැනීම සාමාන්‍යයයි.නමුත් කිසි වැඩක නොයෙදුණත් නිතරම හුස්ම හිරවෙන ගතියක් දැනෙනවා නම් එය හෘද ගැටලුවක සංඥාවක් වෙන්නට ද පුළුවන්.

බොඳ වී පෙනීම 
මෑතක සිට ඔබට අවට දේවල් පෙනෙන්නේ බොඳ වෙලා නම් ඇතැම් විට ඒ ඔබ දියවැඩියාව හෝ අධික ආතතිය වැනි නිදන්ගත රෝගයකින් පෙළෙමින් ඉන්න බවට සංඥාවක් වෙන්නට පුළුවන්.කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ යාම නිසා ද මෙවැනි තත්වයක් ඇස් වල ඇතිවිය හැකියි.

උරහිස් වල තදබල වේදනාව 
උරහිස් වල අධික වේදනාවක් ඇතිවීම හෘදයාබාධයක පූර්ව ලක්ෂණයක් වීමට ඉඩතිබෙයි (විශේෂයෙන්ම එය එක්වරම හදිසියේ ඇතිවෙයි නම් හෝ වේදනාව වේගයෙන් වැඩිවෙයි නම්).

ඇස් රතුවීම හා කඳුළු ගැලීම 
ඔබ ඇස් කාච පලඳින කෙනෙක් නම් ඇස් ආසාදනයට ලක්වීමේ ඉහළ අවදානමක් තිබිය හැකියි (විශේෂයෙන්ම කාච නිසි ලෙස පිරිසිදු නොකිරීම, අපිරිසිදු අත් වලින් ඇස් ඇල්ලීම නිසා). ඇස් රතුවී ඇත්නම්, වේදනාවක් දැනෙයි නම් හෝ ඇස් වලින් කඳුළු ගැලීමට පටන්ගෙන ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ ඇස් පරික්ෂා කරගන්න.

පපුවේ පීඩනයක් දැනීම
පපුව පීඩාකාරි ලෙස තෙරපෙන බවක් දැනේ නම් එය හෘදයාබාධයක හෝ ඇතැම් විට නියුමෝනියාවේ සංඥාවක් විය හැකියි.ඇතැම් විට මෙය පුප්ඵුසීය නික්ඛිත්තිය (pulmonary embolism) හෙවත් පෙනහළු වල ධමනි අවහිරවීමේ තත්වයක ලක්ෂණ පෙන්නුම් කිරීමක් ද විය හැකියි.

දෙක වී පෙනීම (double vision)
තෙහෙට්‍ටුවෙන් ඉන්න අවස්ථාවක මෙවැනි පෙනීමක් ඇතිවීම සාමාන්‍ය තත්වයක්.නිතර නිතර යමක් දෙකක් වෙලා පෙනෙනවා නම් ඇතැම් විට ඒ අධි රුධිර පීඩනය හෝ ආඝාතය (අංශබාගය) පූර්ව සංඥාවක් වීමට ඉඩ තිබෙයි.

පපුවේ තදගතියක් දැනීම 
පපුවේ තදගතියක් නිතර දැනෙයි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.ඇතැම් විට මෙය හෘදගැටලුවක් පිළිබඳ ඉඟි කිරීමක් විය හැකියි.
සිරුරේ එක් පැත්තක අප්‍රාණිකබව සිරුරේ එක් අංශයක් පමණක් පණ නැති බවක් දැනීම ආඝාතය හෙවත් අංශබාග රෝග ලක්ෂණයක් විය හැකියි.මෙවැනි සංවේදනයක් ඇතිවේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.

පපුවේ වේදනාව 
අම්ලා ප්‍රතිවාහ (acid reflux) හෙවත් ජීර්ණය වන ආහාර නැවත අන්නස්‍රොතය දෙසට ගලා ඒම (උගුරට ඒම) නිසා පපුවේ වේදනාව හටගත හැකියි.නිතර මේ තත්වය ඇතිවෙයි නම් ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න.

පපුවේ වේදනාව සමඟ ඉස කරකැවිල්ල ගතියක් දැනීම මෙම ලක්ෂණ ඇතිවන්නේ එකවරම නම් එය බොහෝ දුරට යම් හෘද රෝගයක් ගැන ඉඟි කරනවා විය හැකියි.

කකුල් හෝ යටිපතුල් වල වේදනාව 
මේ රෝග ලක්ෂණය රාත්‍රි කාලයේදී වඩාත් උත්සන්න වේ නම් එය ආතති අස්ථි බිඳුමක ලක්ෂණයක් විය හැකියි.නිසි ප්‍රතිකාර නොගෙන දිගින් දිගටම කකුල් වෙහෙසවා ඇවිදීම නිසා මෙය නරක අතට හැරීමට ඉඩ තිබෙයි.ඇතැම් විට කකුල් වල වේදනාව ඇතිවීමට ඒ ආශ්‍රිත රුධිර නාළයක ලේ කැටිත්තක් අවහිර වී තිබීම හේතුවක් විය හැකියි.

උගුරේ සිට ආරම්භ වී පැතිරෙන උගුරේ වේදනාව
උගුරේ වේදනාව උගුර තුවාල වීමෙන් ද ඇතිවෙයි.නමුත් පපුවෙන් පටන්ගෙන පැතිරෙන උගුරේ වේදනාවට හේතුව යම් හෘද ගැටලු තත්වයක් විය හැකියි.

හුස්ම වේගවත්වීම 
මහන්සිය නිසා හුස්මගැනීම වේගවත් වෙයි.නමුත් හේතුවක් නොමැතිව ශ්වසනය වේගවත් වීම ඇතැම් විට ඔබේ පෙනහළු වල රුධිර කැටිත්තක් අවහිර වීමෙන් ඇතිවූ ප්‍රතිඵලයක් විය හැකියි.ඇතැම් විට වේගවත්ව හුස්ම වැටීමට හේතුව හෘද ගැටලු තත්වයක් හෝ ඇදුම රෝගය නිසා විය හැකියි.

අධිකව දහඩිය දැමීම උණ,
උණුසුම් දේශගුණය, ව්‍යායාම හෝ ක්‍රියාකාරකම් වල යෙදීම වගේ හේතු නිසා සිරුරට දහඩිය දැමීම සාමාන්‍යයයි.පැහැදිලි හේතුවන් නොමැතිව අධිකව දහදිය දැමීම හෘද රෝගයක හෝ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත ගැටලුවක් නිසා විය හැකියි.

බෙල්ලේ තදගතිය හා හිසරදය මේ ලක්ෂණ දෙකම එකවරක ඇතිවෙයි නම් ඇතැම් විට එය මොළයේ ආසාදනයක් හේතුවෙන් විය හැකියි (විශේෂයෙන්ම මේ ලක්ෂණ වලට අමතරව ආලෝකයට සංවේදී බවක් ඇතිවෙයි නම්).

කකුල්, යටි පතුල් හෝ වළලුකර ඉදිමීම 
හදිසියේම කකුල් වල මෙසේ ඉදිමුම් තත්වයක් ඇතිවීම හෘද අකරණිය (congestive heart failure) සහ අක්මා රෝග තත්වයක පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමක් වීමට ඉඩ තිබෙයි.

පැය 24කට වඩා පවතින වමනය 
දවසකටත් වඩා වැඩි කලක් එකදිගට වමනය පිටවෙයි නම් ඇතැම් විට එය වෛරස් ආසාදන රෝගයක් හෝ ආහාර විෂවීමක් නිසා විය හැකියි.සිරුර විජලනයට ලක්වීම ද හේතුවක් විය හැකියි.මෙවැනි තත්වයක් ඇතිවුවහොත් බලා නොසිට ප්‍රතිකාර වෙත යොමුවන්න.

පැය 24කට වඩා පවතින පාචනය 
මෙවැනි තත්වයකදී සිරුරේ පොටෑසියම් මට්ටම් දරුණු ලෙස පහළ බැසීමෙන් සිරුරේ වෙනත් සංකූලතා මතුවීමේ අවදානම ඉහළ යා හැකියි.

පැය 6කට වඩා කල් මූත්‍රා පිටනොවීම 
බොහෝ විට මෙසේ වන්නේ විජලනය නිසා විය හැකියි.වතුර පානය කලත් මූත්‍රා පිටනොවෙයි නම් ඇතැම් විට ඒ වකුගඩු අකරණිය (අක්‍රීය වීම) නිසා විය හැකියි.

හෘද ස්පන්දනය වේගවත් වීම කාංසාව නිසා
හෘද ස්පන්දනය වේගවත්ව වැඩිවිය හැකියි.හෘද ස්පන්දන රිද්මය අසාමාන්‍ය ස්වභාවයක් ගන්නේ නම් ප්‍රතිකාර ලබාගත යුතුයි.

ගිලීමට අපහසුවීම 
කෙල ගිලීමට පවා ඉතා අපහසු බවක් දැනෙයි නම් එය යම් බරපතල ගැටලුවක අවදානම පෙන්නුම් කරන සංඥාවක් විය හැකියි.වෛද්‍යවරයෙකු වෙත යොමුවීම ඉතා වැදගත්ය.

මූත්‍රා පිටකිරීමේදි වේදනාවක් දැනීම
මූත්‍රා කරන විට වේදනාවක් ඇතිවේ නම් බොහෝ විට එය මූත්‍රා මාර්ගයේ යම් ආසාදනයක ලක්ෂණ පෙන්නුම් කිරීමක් විය හැකියි.වැඩිපුර වතුර පානය කිරීමෙන් මේ තත්වය බොහෝ විට පාලනය විය හැකි වුවත් දිගින් දිගටම අපහසුතා දැනෙයි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වඩාත් සුදුසුයි.

බරපතල ලෙස යටිබඩ වේදනාවක් දැනීම 
මෙය ඇතැම් විට ඇපෙන්ඩිසයිටිස් හෝ ඔබේ බඩවැල් අවහිර වීම නිසා මතුවන පීඩාකාරි ලක්ෂණයක් විය හැකියි.පිත්තාශයේ ගල්,හර්නියා,ඩයිවර්ටිකියුලයිටීස් (බඩවැල් කෝෂ සෑදී ඒවා ඉදිමීම හෝ ආසාදනය වීම) වැනි වෙනත් බරපතල රෝග වර්ධනය වීම නිසා ද මෙවැනි ලක්ෂණ සිරුරේ හටගැනීමට ඉඩ තිබෙයි.

මනෝභාවය (mood) වෙනස්වීම පැහැදිලි හේතුවක් නැතිව මනෝභාවය වෙනස්වීම ඔබ යම් මානසික ගැටලුවකින් පෙළෙන බව පෙන්නුම් කරන ලක්ෂණයක් විය හැකියි. ඇතැම් විට ආඝාතයේ පූර්ව ලක්ෂණ පෙන්නුම් කිරීමක් ද විය හැකියි. එමෙන්ම දියවැඩියාවෙන් පෙළුණද ඒ බව හඳුනාගෙන නොමැති රෝගීන් තුළ ද මේ ලක්ෂණය මතුකළ හැකියි.

තදබල හිසරදය 
තිව්‍ර ලෙස දැනෙන හිසරදය ඇතැම් විට මොළයේ රුධිර වහනයක් නිසා මතුවූ ලක්ෂණයක් විය හැකියි.අත්බෙහෙත් ක්‍රම මතම යැපි නොසිට වෛද්‍යවරයෙකු වෙත යොමුවිමට සැලකිලිමත් වන්න.

ක්ලාන්තය පැහැදිලි හේතුවක් නැතිව ක්ලාන්ත වී ඇද වැටෙයි නම් එය නොසලකා හැර සිටීමට සුදුසු හේතුවක් නොවෙයි.ග්ලූකෝස් මට්ටම් අඩුවීම හෝ රුධිර පීඩනය අඩුවීම බොහෝ විට මෙවැනි තත්වයක් ඇතිවීමට හේතුවිය හැකියි.ඇතැම් විට හෘද ගැටලුවක් හෝ හදිසි ආබාධයකදී ද (‍ෆිට් එක) මෙසේ විය හැකියි.

එක් ඇසක් නොපෙනීම අවට දෙස බලන විට එක් ඇසකට කිසිවක් පෙනෙන්නේ නැති ද?

බොහෝ විට මීට හේතුව මිග්‍රේන් හෙවත් ඉරුවාරදය තත්වයයි.මෙය තදබල හිසරදය ඇතිකරවන තත්වයකි.ඔබ මිග්‍රේන් තත්වයෙන් පෙළෙන කෙනෙක් නොවුවත් මෙවැනි ලක්ෂණ අත්දකින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වඩාත් උචිත වනු ඇත.
උපුටා ගැනීම - අන්තර්ජාලය 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top