Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
18
ඔබව අපහසුතාවයට පත්කරන දහඩිය දුගඳට හේතු සහ නිට්ටාවටම නැතිකර ගන්න අදහාගන්න බැරි විස්මිත ඔසුව මෙන්න...

- ඔබව අපහසුතාවයට පත්කරන දහඩිය දුගඳට හේතු සහ නිට්ටාවටම නැතිකර ගන්න අදහාගන්න බැරි විස්මිත ඔසුව මෙන්න...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
දහඩිය දුඟද කියන්නෙ පොදු ස්ථානවලදී, පොදු ප්‍රවාහන සේවාවලදී වගේ පිරිසක් ගැවසෙන තැන්වලදී අපිට අත්දකින්න සිද්ධ වෙන බොහොම සුලභ නමුත් අමිහිරි අත්දැකීමක්. 


ප්‍රබෝධමත්ව ආරම්භ කරන අපේ දවස පටන් ගද්දිම අප්‍රසන්න කරන්න තවත් කෙනෙක් ලඟින් හමන දහඩිය දුගඳට පුළුවන්.
 
ඒ වගේම සමහරවිට ඔබ නොදැනම ඔබෙනුත් අමිහිරි දහඩිය දුඟදක් එන්න පුළුවන්.

ඔබ ටිකක් සැළකිලිමත් වුනොත් ඒ බව ඔබටම වටහා ගන්න පුළුවන්.

ඔබ වගේම ඔබ ආශ්‍රය කරන පුද්ගලයන්වත් අපහසුතාවයට ලක් නොවෙන විදිහට දහඩිය දුගඳ නැති කරගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි අද ලිපියෙන් Happycorner අපි බලාපොරොත්තු වෙන්නෙ.�

දහඩිය දුඟද යනු කුමක්ද?
අපේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියා වලින් පිටවෙන දහඩිය කියන්නෙ සාමාන්‍යයෙන් ගඳක් හෝ සුවඳක් නොමැති ස්‍රාවයක්.
දහඩිය වල ප්‍රධාන වශයෙන් ජලය, මේදය සහ සෝඩියම් අඩංගු වෙනවා.
ගඳක් හෝ සුවඳක් නොමැති ස්‍රාවයක් ලෙස සිරුරෙන් ඉවත් වුනත් අපේ සම පුරාම රැඳී සිටින බැක්ටීරියා සමඟ සම්බන්ධ වූ විට දහඩිය වලින් සුවඳක් (හෝ ගඳක්) හැමීම සිදුවෙනවා.
මීට අමතරව දහඩිය වලින් හමන ගඳ හෝ සුවඳ
ව්‍යායාම
හෝමෝන ක්‍රියාකාරීත්වය
අප ගන්නා ආහාර සහ පාන වර්ග
ශරීරයේ අධික බර
ජාන
උණුසුම් කාලගුණය
මානසික ආතතිය සහ සාංකාව වැනි මානසික තත්වයන්
ඖෂධ වර්ග සහ
විවිධ රෝගාබාධ මතත් අපි එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්.

පුද්ගලයෙක්ගේ දහඩිය වල ගන්ධය වෙනස් කිරීමට බලපාන සෞඛ්‍ය තත්වයන් ලෙස,
දියවැඩියාව
රක්තවාතය
ආර්ථවහරණය
තයිරොයිඩ ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය වගේම
අක්මා සහ වකුගඩු රෝගත් හඳුනාගන්න පුළුවන්.
අපි ගන්නා ආහාර වර්ග මතත් දහඩිය වල ගන්ධය වෙනස් වන අපි ඉහතින් සඳහන් කරානේ. මේ ආහාර වර්ග විදිහට,
ලූණු
සුදුළූණු
ගෝවා
ගෝවා මල්
බ්‍රොකලි සහ රතු පාට මස් වර්ග හඳුනාගන්න පුළුවන්.
ඒ වගේම සෘජුවම දහඩිය ගන්ධයට බලපෑමක් නොකරත් පිටවන දහඩිය ප්‍රමාණය වැඩි කරන්න ආහාර වල අඩංගු,
MSG
කැෆේන්
තුනපහ සහ සූදුරු
සැර සෝස් වර්ග සහ මිරිස්, ගම්මිරිස්
ඇල්කොහොල්
බලපාන බවයි සොයාගෙන තිබෙන්නෙ.

හොඳයි දැන් අපි බලමු දහඩිය දුඟද නැති කරන්න අපිට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියල?
දහඩිය දුඟදට විසඳුම්
පෞද්ගලික සනීපාරක්ෂාව සහ ජීවන රටාවේ වෙනස්වීම්

ප්‍රති – බැක්ටීරියා සං‍යෝග අඩංගු සබන් වර්ගයක් භාවිතයෙන් දිනපතා නෑම හෝ ඇඟ සෝදා ගැනීම නම් අනිවාර්‍යයි. විශේෂයෙන්ම දහඩිය සිරුරේ වැඩි වේලාවක් රැඳී තිබීම බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය වර්ධනය කරන්න හේතුවෙනවා.

නෑම සහ ඇඟ සේදීමේදී අනවශ්‍ය බැක්ටීරියා සිරුරෙන් ඉවත් වීම සිදුවෙනවා.

සිරුරේ ඇති අනවශ්‍ය බැක්‍ටීරියා ප්‍රමාණය අඩුවීම දහඩිය වලින් ගඳක් හැමීම අඩුකරන්න හේතු වෙනවා.

ඔබ නාන සහ ඇඟ සෝදන විට වැඩිපුර දහඩිය දමන කිහිලි, කලවා, බෙල්ල වගේ ස්ථාන වඩා හොඳින් පිරිසිදු කරන්නත් අමතක කරන්න එපා.

ඔබේ කිහිලි වල රෝම ඉවත් කිරීමත් හොඳ විසඳුමක්. අපේ දහඩිය දුඟද පිටතට නිරාවරණය ප්‍රධානම ස්ථානයක් තමයි අත්යට එහෙමත් නැත්නම් කිහිලි ප්‍රදේශය.

කිහිලි ප්‍රදේශයේ ඇති රෝම ඉවත් කිරීමෙන් දහඩිය ඉක්මණින් වාෂ්පීකරණයට ලක්වෙනවා.

ඒ නිසා බැක්ටීරියා වලට ඒ මත ක්‍රියාකරන්න තියෙන කාලය අඩුවෙන නිසා දහඩිය දුඟද හැමීමක් සිදුවෙන්නෙ නෑ.

පිරිසිදු ඇඳුම් ඇඳීමත් ඔබේ ඇඳුම් හොඳින් පිරිසිදු කිරීමත් අනිවාර්‍යයි.

ඇඳුම් නොසෝදා වැඩි වේලාවක් දහඩිය සමඟ තැබීමෙන් ඉවත් කරන්න අපහසු දහඩිය ගඳක් ඔබේ ඇඳුම් වල රැඳෙන්න පුළුවන්.

ඒ නිසා හොඳින් ඇඳුම් සෝදා පිරිසිදු කිරීමත් ඇඳුම් හොඳින් වියළා ගැනීමත් හරිම වැදගත්.

කපු වැඩි ප්‍රමාණයක් අඩංගු සැහැල්ලු ඇඳුම් ඇඳීමත් වැදගත්.

ඇඟට සැහැල්ලු ඇඳුම් නිසා දහඩිය ඉක්මණින් ශරීරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය ඉඩ ලබාදීම සිදුකරනවා.

ඒ නිසා කපු වැඩි ප්‍රමාණයක් අඩංගු රෙදි වලින් නිෂ්පාදනය කර සැහැල්ලු ඇඳුම් සහ යට ඇඳුම් තෝරගන්න ඔබ සැළකිලිමත් විය යුතුමයි.

දහඩිය වල ගඳක් ඇතිකරන්න පුළුවන් ආහාර වර්ග ගැන අපි සඳහන් කරානෙ.

ඒ ආහාර වර්ග ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමේදී වඩා සැළකිමත්වීම අනිවාර්‍යයි.

ඔබ නිතරම සහ අධිකව දහඩිය දුඟද හැමීම නිසා පීඩාවට පත්වෙලා ඉන්න කෙනෙක් නම් ඒ ආහාර වර්ග වලින් ටික කාලෙකට වැළකී සිටීම වඩා ප්‍රතිඵලදායකයි කියල අපි ඔබට මතක් කරනවා.

ඔබේ මානසික පීඩාවන්ට හේතු වෙන කරුණු කාරණා වලින් ඈත්වීම ඉතාම වැදගත්.

ඒ සඳහා අවශ්‍ය වෘත්තීය සහය ලබාගන්න අමතක කරන්න එපා.

ස්වභාවික පිළියම්
බේකින් සෝඩා

බේකින් සෝඩා සහ වතුර සමාන ප්‍රමාණවලින් එක්කර අත් යට ආලේප කර එය වේලෙන තුරු තබා සෝදාහරින්න පුළුවන්.

බේකින් සෝඩා ඔබේ සමේ අඩංගු අම්ල වල ක්‍රියාකාරීත්වය පාලනය කර දහඩිය දුඟද වළක්වා ගන්න වගේම අත්‍ යට අව පැහැය ඉවත් කරන්නත් උපකාරී වෙනවා.

ග්‍රීන් ටී

අධික ලෙස දහඩිය දැමීම වළක්වා ගන්න ග්‍රීන් ටී හොඳ විසඳුමක්.

ග්‍රීන් ටී අඩංගු බෑගයක් උණුවතුරේ පොඟවා ටික වේලාවක් තබා තේ බෑගය ඉවතට ගෙන මිනිත්තු කීපයක් අත්ල යට තබා ගන්න ඔබට පුළුවන්.

ග්‍රීන් ටී වලට ඔබේ සමේ සිදුරු වසා දැමීමේ හැකියාවක් තිබෙන නිසා අධික ලෙස දහඩිය දැමීම වළක්වා ගන්න උදව් වෙනවා.

ලෙමන් යුෂ
ලෙමන් යුෂ සහ වතුර මිශ්‍රකර බෝතලයකට දමාගන්න.

මේ මිශ්‍රණය ඔබේ අත් යට දිනකට කීපවරක් ආලේප කරන්න ඔබට පුළුවන්.

ලෙමන් යුෂ වල අඩංගු සිට්‍රික් අම්ලයට බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව තිබෙනවා.

ඇපල් සයිඩර් විනාකිරි
ඇපල් සයිඩර් විනාකිරි වලටත් බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව තියෙනව.

ඒ නිසා වතුර කුඩා ප්‍රමාණයක මිශ්‍රකරන ලද ඇපල් සයිඩර් විනාකිරි ඔබේ අත් යට ආලේප කිරීමෙන් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අඩුවී දහඩිය දුඟද අඩුකරන්න උපකාරී වෙනවා.

නමුත් ඔබ හොඳින් මතක තබාගත යුතු සහ අවධානය සහ සැළකිල්ල යොමුකළ යුතුම තත්වයන් තිබෙනවා.

ඒවා ලෙස,
ශාරීරිකව ක්‍රියාකාරී නොවන සහ උණුසුම් නොවන දින වලදී අධිකව සහ නිරන්තරයෙන් දහඩිය දැමීම.

පෑනක් ඇල්ලීම, දොරක් වි වෘත කිරීම, පරිඝනකය භාවිතා කිරීම වැනි එදිනෙදා කටයුතු කිරීමට අපහසු වන ලෙස අත්ලට දහඩිය දැමීම.

නින්දේදී නිරන්තරයෙන් දහඩිය දැමීම.

සම නිරතුරුව දහඩියෙන් තෙත් වී තිබීම.

දහඩිය දැමීම නිසා සමේ ආසාදන ඇතිවීම.�

දහඩිය පළතුරු සුවඳින් යුතුවීම.

දහඩිය සමඟ බ්ලීච් සුවඳින් යුතුවීම.

එක්වරම දහඩිය දැමීම�

වගේ තත්ව හඳුනාගන්න පුළුවන්. මේ තත්වයන් වලදී හැකි ඉක්මණින් ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත් කියලත් අපි ඔබට මතක් කරනවා.

පිරිසිදුව ඉන්න, වතුර බොන්න අමතක කරන්නත් එපා කියල අපි ඔබට ආදරෙන් මතක් කරනවා.

මේ වගේම වැදගත් ලිපියකින් අපි නැවත හමුවෙමු.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top