ගුරු වෘත්තියට නිසි ඇඳුමක් තියනවා..
ඒ තමයි සාරිය, ඒත් මේ කියන්න යන්නේ සාරිය ගැන සැලකිල්ලක් නොදක්වා පිළිතුරු පත්‍ර ඇගයීමට ගිය ගුරුවරුන් පිරිසක් ගැන කතාවක්..
පන්නිපිටිය - ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගයීම් මධ්‍යස්ථානයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවට පැමිණි ගුරුවරියන් පිරිසක් එම විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් ප්‍රධාන දොරටුවෙන් ඇතුළට නොගැනීම නිසා උණුසුම්කාරි තත්ත්වයක් හට ගැනුණා...
ඒ සාරි වෙනුවට ගවුම් ඇද පැමිණීම හේතුවෙන්...
සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන දිනයක් වීම හේතුවෙන් විදුහල්පතිනිය විසින් ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් පසු ගුරුවරියන් හරවා යැවීමට කටයුතු කර තිබෙනවා...
සිද්ධිය පාලනය කිරීමට පොලිසියද කැදවිමටයි පියවර ගැනුණේ...
මෙලෙස ඊයේ හරවා යවා තිබුනේ සංයුක්ත ගණිත පිළිතුරු පත්‍ර ඇගයීමට පැමිණි ගුරුවරියන් පිරිසක්..
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අද දිනය තුළ ආරම්භ කරන බව අප කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සදහන් කළා...
කෙසේ වෙතත් ගවුම් ඇද ගුරුවරියන් පැමිණීම නිවැරදි බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ...