ඔවුන් ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකය පුරාම ප්‍රසිද්ධ යුවල ද්විත්වයක්..
මේ කියන්න යන්නේ විරාත් වගේම අනුශ්කාගේ ලෝකය හැඩකළ ඒ පුංචි සිඟිත්තා ගැනයි..
මෙතෙක් දවසක් මාධ්‍යයෙන් වසන් කරන් සිටි විරාත්ගේ පුංචි පුතාගේ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.. ඒ විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් කියන්නේ නම් මේ පුංචි පැංචා ඔහුගේම කාබන් කොපියක් වගේ කියලා..
2021 ජනවාරි මාසයේදී ඔවුන්ගේ දියණිය වන වාමිකා (Vamika Kohli) පැමිණීමෙන් පසු අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලිගේ ලෝකය සම්පුර්ණ කරමින් පුතු අකායි කෝලි (Akaay Kohli) පැමිණියේ 2024 පෙබරවාරි මාසයේදීයි...
එතැන් සිට විරාත් සහ අනුෂ්කා දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ මාධ්‍යවලට නිකුත් නොකිරීම ගැන දැඩි ප්‍රතිපත්තියක සිටි අතර සෑම විටම ඔවුන් මාධ්‍යයවලින් පරිස්සම් කර ගැනීමට උත්සහ කළ මව්පිය යුවලක් ලෙස ඔවුන් ප්‍රසිද්ධියට පත්ව තිබුණා...
ඔවුන්ගේ රසිකයගෙන් කළ එකම ඉල්ලීම වූයේද දරුවන්ගේ මුහුණු ප්‍රසිද්ධ නොකර, පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන අයුරින් කටයුතු කරන ලෙසයි..
ඒත් මෑත දිනක, මුම්බායි ගුවන් තොටුපළේ දී අකායිගේ මුහුණ යන්තමින් කැමරාවට හසු කර ගැනීමට සමත් වුණු පැපරාසි මාධ්‍ය ඒ මොහොතේම එම ඡායාරූපය අන්තර්ජාලට එක් කරනු ලැබුවේ විරාත්ලාගේ ඉල්ලීම කුණු බක්කියට දමමින් ය.
එහෙත් මේ දිනවල අනුෂ්කා විසින් "අකායි" වඩා ගෙන සිටින වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍යවලත් විරාත් සහ අනුෂ්කාගේ රසික පිටුවලත් සංසරණය වෙනවා..
කොහොම වුණත් මේ යුවළට ආදරය කරන සමහරු මෙයට එතරම් කැමැත්තක් දක්වා නැහැ..
