Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
16
නින්ජාවරු ගැන මේ කරුණු ඔබ දැනගෙන හිටියාද?

- නින්ජාවරු ගැන මේ කරුණු ඔබ දැනගෙන හිටියාද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4 Views
Ninja කිව්වහම අපිට ගොඩක් වෙලාවට මතකෙට එන කරුණු ගොඩක් වෙලාවට බැඳී තියෙන්නෙ හොලිවුඩ් චිත්‍රපටි නැත්නම් කොමික් එක්ක තමයි. 

එක්කෝ හැමෝම දන්න නින්ජා ඉබ්බෝ සෙට් එක, නැතිනම් ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස්, එහෙම නැතිනම් නොයෙක් දුෂ්ටයෝ වෙනුවෙන් කුලී මිනීමරුවෝ විදියට කටයුතු කරන රහසිගත නින්ජා කණ්ඩායම් තමයි අපිට මතක් වෙන්නේ. ඊට අමතරව, සමුරායිවරු ගැන තියෙන චිත්‍රපටි වලත් දුෂ්ටයෝ වෙනුවෙන් සමුරායිවරු එක්ක ඇවිල්ලා සටන් කරන රහසිගත නින්ජාවරු කණ්ඩායම් අපි දැකලා තියෙනවා.

හැබැයි ඒ වලිනුත් නින්ජාවරු ගැන අපිට මැවෙන්නේ හොඳ චිත්‍රයක් නෙවෙයි. හැබැයි එහෙම වුණාට, නින්ජාවරු පුහුණු කරන ගිල්ඩ් එකක ජීවිත කාලෙම ගෙවලා, හැබැයි අන්තිමට වෙන කාගෙවත් අණට යටත් මිනිස්සුන්ව ඝාතනය කරන්න කැමති නිසා එතනින් වෙන් වෙලා ගිහිල්ලා නින්ජා ගිල්ඩ් එකටම විරුද්ධව සටන් කරපු නින්ජා රණශූරයෝ ගැන හොලිවුඩ් චිත්‍රපටි එහෙමත් තියෙනවා.

නින්ජා ඇසැසින් ඒකට උදාහරණයක්.


හැබැයි ඇත්තටම නින්ජාවරු කියන්නේ එහෙම දුෂ්ට ඝාතකයෝ කොටසක්ද? එහෙම නැතිනම් වැඩවසම් ජපානයේ රදළ පැලැන්තියේ අසාධාරණකම්, මර්දනකාරී පීඩාවන්‍ට එරෙහිව සටන් කරන්නට නිර්මාණය වුණු කණ්ඩායමක්ද? මේ නින්ජාවරු ගැන ඔබ නොදත් කරුණු කිහිපයක්.



1. සීක්‍රට් ඒජන්ට්ස්

ගොඩක් අය නින්ජාවරු ගැන හිතාගෙන ඉන්නේ ඒ අය ඒ අය කුලී ඝාතකයෝ විදියට වුණත්, ඒක ඇත්තම ඇත්ත නෙවෙයි. එතකොට නින්ජාවරු කියන්නේ තමන්ට ඉහළින් ඉන්න ගුරුවරයෙක්ගේ අණ නො පිරිහෙළා පිළිපදින සොල්දාදුවෝ විදියටත් සමහර චිත්‍රපටිවල පෙන්නුම් කරනවා.

හැබැයි ඇත්තටම ගත්තොත් වැඩවසම් ජපාන හිටපු නින්ජාවරු කියන්නේ අද කාලේ ඇමරිකාවේ සී අයි ඒ එකේ රහස් ඔත්තු කාරයො වගේ කොටසක් කියන්න පුළුවන්.

මේ නින්ජාවරුන්ට ක්ෂණිකව කිසිම කෙනෙක්ට නොපෙනී කෙනෙක්ව මරා දමන්නට හැකි ශිල්ප ක්‍රම, එතකොට විවිධ සටන් කලා සහ ආයුධ කලා වල ප්‍රවීණත්වය තිබුණත්, ඇත්තටම මේ නින්ජාවරුන්ගේ ප්‍රධාන කාර්යභාරය වුණේ ඔත්තු බැලීම, තොරතුරු එක්රැස් කිරීම සහ රහසිගතව සිදු කරන ඝාතන තමයි. ඉතින් එහෙම බලනකොට නින්ජාවරු නිකම්ම කුලී ඝාතකයන් හෝ සොල්දාදුවන්ට වඩා මිනිස්සු මරන්න ලයිසන් පවා තියෙන රහස් ඔත්තුකාරයෝ කියලා කිව්වොත් හරි.



2. නින්ජා ආරම්භය

ඉතිහාසයේ සඳහන් වන විදියට, නින්ජාවරුන් උපත ලබන්නේ ජපානයේ ඉගා ප්‍රාන්තයේ. ඒ 12 වෙනි ශතවර්ෂයේ වගේ කාලේ. මේ කාලේ ජපානයේ ඉගා ප්‍රාන්තයේ කොගා ගම්මානය අවට පෙදෙසින් තමයි මුලින්ම නින්ජාවරු ගැන අහන්නට ලැබුණා කියලා කියන්නේ.

රහසින් ඔත්තු බැලීම, සටන් කලාවන්, ආයුධ භාවිතා කිරීම් වගේ දේවල් වල නිපුණත්වය ලබා ගත් නින්ජාවරු, රහස් ඔත්තුකරුවන්, ඝාතකයන්, ගිනි තබන්නන්, පැහැරගන්න උන් මංකොල්ලකරුවන් විදියට විතරක් නෙවෙයි ඇතැම් විටෙක ත්‍රස්තවාදීන් විදිහටත් කටයුතු කරලා තියෙනවා ඉතිහාසයේ සඳහන් වෙන විදිහට.

15 වෙනි සියවස වෙනකොට නින්ජාවරු සුලභව පැතිර ගිහින් තියෙනවා. නින්ජාවරුන්ව ෂිනෝබි කියලත් හඳුන්වලා තියෙනවා.



3. නින්ජිට්සු

දැන් මෙය චීනයේ ජපානයේ ඉඳලා සෑහෙන්න ආත්මාරක්ෂක සටන් කලා ලෝකයට දායක වෙලා තියෙනවානේ. නින්ජාවරුන් භාවිතා කරපු ආත්මාරක්ෂක සටන් කලාව තමයි නින්ජිට්සු කියලා භාවිතා වෙන්නේ.

නින්ජිට්සු සාම්ප්‍රදායික සටන් කලාව වෙනකොට, වර්තමානයේදී ඒකෙ වඩාත් නවීන මුහුණුවරක් නින්පෝ විදියටත් භාවිතා වෙනවා. හැබැයි නින්ජිට්සු වල හිස් අතින් කෙරෙන සටන්, ආයුධ සමගින් කෙරෙන සටන් හැරෙන්න, රහස් ඔත්තු බැලීමේ උපක්‍රම, රහසිගතව සටන් කිරීමේ උපක්‍රම, ගරිල්ලා සටන් උපක්‍රම වගේ දේවලුත් ඇතුලත් වෙනවා. මිලිටරි ටැක්ටික්ස් වලින් තමයි නින්ජිට්සු පැමිණෙන්නේ. ෂිනොබිජුට්සු කියලත් නින්ජිට්සු හැඳින්වෙනවා.

කොහොමහරි කාලයත් එක්ක ජපානය පුරා විවිධ ආත්මාරක්ෂක සටන් කලා පාසල්, තමන්ගේම ක්‍රමයන්ට නින්ජිට්සු වැඩි වර්ධනය කරමින්, තමන්ට ආවේණික නින්ජිට්සු උප සටන් කලාවන් ඉදිරිපත් කරන්නටත් පටන් ගත්තා.



4. නින්ජා ආයුධ

සමුරායිවරු සහ ඒ අයගේ ආයුධ ගැන කියනකොට, අපිට මතක් වෙන්නේ කටානා අසිපත නේ. ඒ වගේ නින්ජාවරුන්ගේ ආයුධ ගැන කියද්දී අපිට මතක් වෙන්නේ, ඈත ඉඳන් විසි කරන්න පුළුවන්, හරියට විසි කළොත් කෙනෙක්ව මරන්න පවා පුළුවන් නින්ජා තරු එහෙම නැතිනම් ෂුරිකේන් ගැනනේ. හැබැයි ඒ ඇරෙන්න නින්ජාවරුන් ට ම ආවේණික, රහසින් කාටවත් නොපෙනී ඝාතන කරන්න, ගරිල්ලා පන්නෙට සටන් කරන්න උදව් වෙන තව අවි ආයුධ ගණනාවක් තියෙනවා.

කාමා ඒ කියන්නේ කුඩා ප්‍රමාණයේ කැත්තක් වගේ ආයුධයක්. එතකොට කසුරිගාමා කියන්නේ ඒ කැත්ත කෙළවරට දම්වැලක් හයි කරලා, ඈත ඉදන් පහරඳන් පහර දෙන්න පුළුවන් විදියට හදාගත්තු ආයුධයක්.

කුනායි කියන්නෙත් ඒ වගේම ඈත සිට පහර දිය හැකි, කෙළවර තියුණු පිහි තලයක් තියෙන ඉලක්කයට විසි කරන්නට හැකි ආයුධයක්.

නින්ජාවරුන්ගේ කඩුව කටානා කඩුවට වඩා වෙනස්, වඩාත් කෙටි, පැතලි, වඩාත් සෘජු ආයුධයක්. මීට අමතරව නින්ජාවරු දුණු ඊතලත්, ඩාට්ස් විදින්නට පුළුවන් බ්ලෝපයිප් ආයුධත් භාවිතා කරලා තියෙනවා. ඇත්තටම මේ නින්ජාවරුන් භාවිතා කරපු අවි ආයුධ සහ උපකරණ වලින් කොටසක් විතරයි.



5. නින්ජා මැජික්

නින්ජාවරුන්ට ඇත්තටම මායා බලයන් තිබුණද? ඔය නින්ජාවරුන් සම්බන්ධ හොලිවුඩ් චිත්‍රපටි වල නම්, නින්ජාවරු සෙවනැලි වගේ අන්ධකාරයටම දිය වෙලා යන හැටි, මාරාන්තික තුවාල ලබපු නින්ජාවරු චිත්ත බලයෙන් පැය කීපයක් ඇතුළත පූර්ණ සුවය ලබන හැටි, මොහොතකින් දුමාරයක් තුළ අතුරුදන් වෙලා යන හැටි එහෙම දකින්න ලැබෙනවා.

අනෙක් පෙරදිග සටන් කලා හැම එකකම වගේ නින්ජිට්සු වලත් මනස මූලික කරගත් භාවනා ක්‍රම, මනස මූලික කරගත් සටන් ක්‍රම උගන්වන්නට ඇති. ඒත් ඉතිහාසයේ කියන විදියට ඇත්තටම නින්ජා රණශූරයෝ මායා බල තිබුණු අය නෙවෙයි.

ඒ වෙනුවට ඒ අය බාවිතා කරලා තිබුණේ ඇල්කෙමි කලාවන්. ඒ කියන්නේ දුම් බෝම්බ වගේ දේවල් හදන හැටි ගැන නින්ජාවරුන්ට පරිචයක් තිබුණා. ඒව තමයි ඒ අය මැජික් වගේ ක්ෂණයකින් අතුරුදහන් වෙන විදියේ ක්‍රියාකාරකම් වලට පාවිච්චි කළේ.



6. නින්ජා කාන්තාවෝ

වැඩවසම් ජපානයේ කාන්තාවෝ වුණත් වුණත් සමුරායිවරු විදිහට කටයුතු කළා කියලා අපි කියලා තියෙනවා.

ඒ විදියටම කාන්තාවෝ නින්ජා රණශූරයන් විදියටත් විදිහටත් කටයුතු කරලා තියෙනවා. ඇත්තටම නින්ජාවරුන්ගේ ඉතිහාසය සම්බන්ධව ප්‍රවීණත්වයක් තියෙන සමහරු කියන්නේ, කාන්තා නින්ජාවරියන් වඩාත් භයානක වුණා කියලා.

ඒකට එක හේතුවක් තමයි, ඔවුන්ට පහසුවෙන්ම පිරිමින්ව වසඟ කර ගනිමින් තොරතුරු ලබාගන්නට ඔත්තු බලන්නට විතරක් නෙවෙයි, ඝාතන සිදුකරන්නටත් හැකියාව තිබීම. කාන්තා නින්ජාවරියන් නැතිනම් නින්ජිට්සු ප්‍රගුණ කළ කාන්‍තාවන්ව හැඳින්වුණේ, කුනොයිචි (kunoichi) කියන නමෙන් තමයි.



7. සමුරායිවරු සහ නින්ජාවරු

අපි දකින ගොඩක් හොලිවුඩ් චිත්‍රපටි චිත්‍රපටි වල එහෙම හැම වෙලේම පෙන්නුම් කරන්නේ සමුරායිවරු සහ නින්ජාවරු අතර ගැටුම්කාරී, සතුරු ආකල්පයක්, ස්වභාවයක් කියලා අපි කලින් කිව්වනේ.

හැබැයි ඇත්තටම ඉතිහාසයේ සඳහන් වෙන විදිහට, නින්ජාවරු සහ සමුරායිවරු අතර එහෙම විශේෂ සතුරු කමක් පැවතිලා නැහැ. එකම දේ වෙන්නේ සමුරායිවරු කුලීන රදළයන් වෙන අතරේ, නින්ජාවරු සාමාන්‍ය ජනතාව, ගොවියන් වගේ අය වීම තමයි.

හැබැයි සමුරායිවරු වගේම නින්ජාවරු බොහෝ වෙලාවට වැඩවසම් ප්‍රධානියෙක් යටතේ තමයි කටයුතු කළේ. ගොඩක් වෙලාවට මේ අය දයිම්‍යෝ (daimyo) කියලා හැඳින්වුණු, වැඩවසම් ඉඩම්හිමි කුලීනයන් වුණා.

සමහර වෙලාවට සමුරායිවරු සහ නින්ජාවරු එක සතුරෙක්ට එරෙහිව කරට කර සටන් කරලත් තියෙනවා. එතකොට නින්ජාවරුන්ගේ රහස් සටන්ක්‍රම, ගරිල්ලා යුද උපක්‍රම එහෙම සමුරායිවරුන්ගේ පැසසුමටත් ලක්වෙලා තියෙනවා.

අන්තර්ජාලයෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top