අපේ සමාජයේ විවිධ මිනිසුන් ජීවත් වෙනවා... ඒ අතරින් නොපසුබට උත්සාහයෙන් ජීවත් වෙන අය ගැනත් අපි කතා කරනවා..
ඒ වගේ විවිධ කතා අතරට එක්වෙන මොහුගේ කතාවත් ගොඩක් විශේෂ එකක්...
දඹුල්ල ප්‍රදේශයේ පදිංචි ආබාධිත පුද්ගලයෙකු වන උපුල් රංජිත්, ලන්ඩන් විශ්වවිද්‍යාලයක් මගින් පිරිනැමෙන ගෞරව උපාධියක් හිමිකරගත්තේ කොළඹ පැවැති උත්සවයකදී..
කෙසේ වෙතත් එම උත්සවයට සහභාගිවීමට දඹුල්ලේ සිට කොළඹට පැමිණීම සඳහා බොහෝ වේලාවක් බස් නැවතුම්පොළේ රැඳී සිටීමට ඔහුට සිදුව ඇත්තේ අසුන් නොමැති බව පවසමින් බොහෝ බස්රථ ඔහු නංවා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්..
බස් රථවල ආබාධිත පුද්ලයින් සඳහා වෙන් කර ඇති වෙනම ආසන තිබියදීත් උපුල් රංජිත් මහතාට මෙලෙස ආසනයක් ලබා නොදීමට විරෝධය පළ කළ ප්‍රදේශවාසීන් මැදිහත්ව ඔහුට බස්රථයක ආසනයක් ලබාදීමට කටයුතු කළා...