පාන් ඇතුළු ක්ෂණික ආහාරවල මිල පසුගිය කාලය පුරා නොසිතන ලෙස වැඩි වුණා.. ඒ මිල ගණන් කවදා අඩු වේවිද..?
ඒ ගැන විවිධ අය විවිධ කතා කියද්දී මේ කියන්න යන්නේ තරමක වෙනස් කතාවක්.. තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 25කින් අඩු කිරීමට කටයුතු කරන්නේ නම් පාන් රාත්තලක් රුපියල් 100 කට පාරිභෝගික ජනතාවට ලබාදීමට හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ පවසනවා..
ඔහු ඒ බව පැවසුවේ පෙරේදා පැවැති සාකච්ඡාවක් අතරතුරදීයි.. ඊට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන ඇතුළු බේකරි හිමියන් පිරිසක් එක්ව සිටියා..
මෙහිදී බේකරි හිමියන් පැවසුවේ, ඩොලරයේ මිල අඩු වූවත් තවමත් තිරිඟු පිටි කිලෝවක් මිලදී ගැනීමට සිදුවී ඇත්තේ රුපියල් 190 කට බවයි..