ඔහු ගැන පසුගිය දිනවල විශාල වශයෙන් කතාබහක් නිර්මාණය වුණා... මේ කියන්න යන්නේ අන්න ඒ සිද්ධිය ගැන අද ඇසෙන අලුත්ම ආරංචියයි..
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමට සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා අවසර දෙන ලෙස එම මන්ත්‍රීවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අද අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා..
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හෙරත් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා..
එම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු එම්. ගොපල්ලව ඉදිරියේ කැඳවනු ලැබුවා..
එහිදී වග උත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා..
එහෙත් විනිසුරු මඩුල්ල නිසියාකාරව පත්වී නොමැති නිසා මෙම ඉල්ලීම ඊළඟ දින සිදු කරන ලෙසත් විනිසුරුවරයා එම නීතිඥවරයාට දැනුම් දුන්නා..
ඉන් අනතුරුව අදාල පෙත්සම ලබන 31 වනදා කැඳවීමටද නියම වුණා..
.
රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයේ නිරතව සිට ඉන් ඉවත් නොවී ඉකුත් මහ මැතිවරණයට තරග කිරීම තුළින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා පාර්ලිමේන්තු මැතිවරණ පනත උල්ලංඝනය කර ඇති බවත් ඒ අනුව ඔහුට මන්ත්‍රී ධූරයක් දරීමට සුදුසුකම් නොමැති බවත් පෙත්සම්කරු කියා සිටි..
ඒ අනුව අදාල මන්ත්‍රී දුරය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා..