මේ ලොවක් බලාසිටින සම්මාන රාත්‍රියක්..
ඒ විතරක් නෙවෙයි නොනවත්ව අඛණ්ඩව පැවති මේ සම්මාන රාත්‍රිය ගැන මේ වසරේ ඇසෙන්නේ ටිකක් වෙනස් කතාවක්..
ලොස් ඇන්ජලිස් හි ලැව් ගිනි හේතුවෙන් මේ වසරේ පැවැත්වීමට නියමිත 97 වැනි ඔස්කාර් සම්මාන උළලේ නාම යෝජනා ප්‍රකාශයට පත්කිරීම දෙවැනි වරටත් කල් දමා තිබෙනවා.. මෝෂන් පික්චර් ඇකඩමිය විසින් පසුගිය දිනෙක මේ බව නිවේදනය කර තිබුණා..
ඒ අනුව මේ මස 19 වැනිදා පැවැත්වීමට නියමිතව වූ නාම යෝජනා ප්‍රකාශයට පත්කිරිම තවත් දින 4කින් එනම් මේ මස 23 වැනිදා දක්වා කල් දමා ඇති බව සඳහන්... ඒ අනුව, ජනවාරි 23 බ්‍රහස්පතින්දා සවස 5:30 ට එය ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇතැයි ඔවුන් විශ්වාසය පළකරනවා..
කෙසේ වෙතත් ඔස්කාර් සම්මාන උළෙල නියමිත පරිදි මාර්තු 3 වැනිදා පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි එහි සංවිධායකයින් පවසන්නේ...
මේ අතර ලැව් ගින්න හේතුවෙන් පුද්ගලයින් ඉවත් කළ ප්‍රදේශවල තිබූ නිවාස සහ දේපළ මංකොල්ලකෑම් පිළිබඳව ද මේවන විට වාර්තා වෙමින් පවතිනවා..
කෙසේ වෙතත් ලොස් ඇන්ජලිස් ආරක්ෂක අංශ, එලෙස දේපොළ කොල්ලකෑම්හි නිරතවූ පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා...
ලැව් ගින්න සම්බන්ධයෙන් අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් සහ උප ජනපතිනි කමලා හැරිස්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී අනාවරණය වූයේ ලොස් ඇන්ජලිස් නගරය නැවත ගොඩ නැගීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන දස දහස් ගණනක් වැය වනු ඇති බවයි...