ක්‍රීඩකයින්ගේ වීසා ගැටලු ගැන විවිධ අවස්ථාවල කතා මතු වෙනවා..
මේ කියන්න යන්නේ තවත් අන්න ඒ වගේ කතාවක්..
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දියාව අතර ලබන 22 වැනිදා පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස තරගයට වීසා ලබා ගැනීමේ ප්‍රමාදය හේතුවෙන් එංගලන්ත ක්‍රීඩක ශකීබ් මහමුඩ්ට ඊට එක්වීමේ ගැටලුවක් මතුව තිබෙනවා...
මීට පෙර දෙරට අතර අබුඩාබියේ පැවති පුහුණු තරගාවලියටද ඔහුට එක්වීමට හැකියාවක් නොලැබුණේ, මෙම ගැටළුව මතමයි..
කෙසේ වෙතත් මෙම තරගාවලියට සහභාගි වීම සඳහා එංගලන්ත සංචිතය අනිද්දා ඉන්දියාවේ කොල්කටා නුවර ලබා පිටත්ව යාමට නියමිතයි..
ඊට ප්‍රථම මෙම මෙම ගැටලුව විසදීමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ..
දෙරට අතර පන්දුවාර විස්සයි තරග පහක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි..