මේ කාලයේ වැලි තලාවෙන් වැසී යමින් තිබූ පුවතක්.
ඇමරිකාවේ ෆ්ලොරිඩාහි දරුවන් තිදෙනෙකුගේ මවක් වන, 2014 දී අතුරුදහන් වූ යෙකටෙරිනා "කට්යා" බෙලායා (Yekaterina "Katya" Belaya)ගේ මෘත දේහය පසුගිය සතියේ ජලයට යට වී තිබූ රථයකින් සොයාගැනීමට හැකිවී තිබෙනවා.
ඒ සමගම දශකයක් පුරා පැවති ඇයගේ අතුරුදහන් වීමේ අභිරහස නිමාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍යයය වාර්තා කරන්නේ.
අතුරුදහන් වන විට වයස අවුරුදු 36ක් වූ බෙලායා අවසන් වරට දකින ලද්දේ 2014 දෙසැම්බර් 2 වන දින උදෑසන ඇයගේ නිවසින් පිටත්ව යන අවස්ථාවේදීය.
Fox, CBS සහ NBC රූපවාහිනී නාලිකා වාර්තා කළ ආකාරයට, ඇය ප්‍රදේශයේ වෙළඳසැලකට යන බව පවුලේ අයට පවසා ගොස් ඇති නමුත් නැවත පැමිණ නැත.
වසර ගණනාවක් තිස්සේ සිදු කළ බොහෝ සෝදිසි කිරීම් හා තොරතුරු මගින් කිසිදු පිළිතුරක් නොලැබී මෙම සංසිද්ධිය විසඳා නොමැතිව පැවතිණි.
කෙසේ වෙතත්, 2024 දෙසැම්බර් 20 වන දින, Sunshine State Sonar හි සෝනාර් විශේෂඥ කණ්ඩායමක් සුවිශේෂී සොයාගැනීමක් කරන ලදී.
ජලයට යට වූ වාහන සෙවීමේ විශේෂඥයින් වන මෙම සමාගම, මෙල්බර්න් හි ඇයගේ නිවසින් සැතපුම් 1.6ක් පමණ දුරින් පිහිටි ජල රැඳවුම් වැවක පෙරළී තිබූ බෙලායාගේ සුදු පැහැති හොන්ඩා ඔඩිසි රථය සොයා ගන්නා ලදී.
වාහනය දශකයකට ආසන්න කාලයක් ජලයේ ගිලී තිබී ඇත.
වීරා බුලවාර්ඩ් අසල ජල රැඳවුම් වැවක වාහනය තිබී සොයා ගන්නා ලද අතර, බ්‍රෙවාර්ඩ් කවුන්ටි ශෙරිෆ් කාර්යාලයට අනුව එය උඩුකුරු වී තිබූ අතර බෙලායාගේ මෘත දේහය එහි තිබී ඇත.
ශෙරිෆ් කාර්යාලය මියගිය තැනැත්තිය බෙලායා බව තහවුරු කරමින් ඇගේ පවුලට යම් සැනසීමක් ලබා දී ඇත.
බෙලායාගේ මරණය පිළිබඳ පරීක්ෂණ තවමත් සිදු වෙමින් පවතී. බ්‍රෙවාර්ඩ් කවුන්ටි ශෙරිෆ් කාර්යාලයේ නිලධාරීන් පවසන පරිදි, ඇයගේ අතුරුදහන් වීම හා මරණය පිළිබඳ තොරතුරු රැස් කිරීම හා විමර්ශන කටයුතු දිගටම සිදු කෙරෙමින් පවතී.
කිසිදු අපරාධමය ක්‍රියාවක් හෝ මරණයේ හේතුව පිළිබඳ වැඩිදුර විස්තර ශෙරිෆ් කාර්යාලය විසින් හෙළි කර නැති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු අත්අඩංගුවට ගැනීමක්ද සිදු කර නොමැත.