Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Nov
14
දුමින්ද සිල්වා වෙඩි වැදී සිටින විට භාරත ලක්ෂ්මන් දිවයනු දුටුවා.පොලිස් කොස්තාපල් සාක්ෂි දෙමින් කියයි.

- දුමින්ද සිල්වා වෙඩි වැදී සිටින විට භාරත ලක්ෂ්මන් දිවයනු දුටුවා.පොලිස් කොස්තාපල් සාක්ෂි දෙමින් කියයි.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,325 Views

මුල්ලේරියාව සිද්ධියේදී පළමුවෙන්ම වෙඩි වැදුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට බව අධිකරණය හමුවේ ඊයේ යළිත් වතාවක් තහවුරු වුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ ඊයේ පැවැත්වුණු සාක්ෂි විභාගයේදියි.

පොලිස් කොස්තාපල් කළුබද්දනගේ හේමන්ත කුමාර පැමිණිල්ලේ හතරවන සාක්ෂිකරු ලෙස ඊයේ මෙසේ සාක්ෂි ලබාදුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට වෙඩි වැදී ඔහු බිම වැටී නළලෙන් ලේ ගලමින් සිටින විට භාරත ලක්ෂ්මන් සිය ජීප් රථය පිටුපසට දිව යනවා සියැසින් දුටු බව සාක්ෂිකරු කියා සිටියා. ඒ, ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

නීතීඥවරයා පළමුවෙන්ම විමසූයේ මුල්ලේරියාව සිද්ධියට කෙතරම් වේලාවක් ගතවූයේද යන්නයි. සුළු වේලාවක් පමණක් ගතවූ බව එහිදී සාක්ෂිකරු කියා සිටියා. ඉන් අනතුරුව සිද්ධිය වූ ස්ථානයේ සාක්ෂිකරු සිටියාද යන්න නීතීඥවරයා විමසීමක් කළා. ඔහු සඳහන් කළේ තමන් එහි සිටි බවයි.



දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා සහ භාරත ලක්ෂ්මන් අතර කුමක් හෝ බහින්බස් වීමක් සිදුවූවාද යන්න නීතීඥවරයා යළිත් ප්‍රශ්න කළා. කථාබහක් ඇතිවනු දුටු බවත් එහෙත් එහිදී සිදුවූයේ කුමක්ද යන්න තමන්ට නොඇසුනු බවත් සාක්ෂිකරු කියා සිටියා. පසුව එක් වෙඩි හඩක් ඇසුනු බව පැවසූ සාක්ෂිකරු එහිදී දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා වැටී නළලෙන් ලේ ගලමින් සිටිනු මෙන්ම භාරත ලක්ෂ්මන් සිය ජීප් රථය දෙසට දිවයනු දුටු බව ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව නීතීඥවරයා විමසූයේ අනෙක් වෙඩි හඩවල් ඇසුනේ දුමින්ද සිල්වාට වෙඩි වැදීමෙන් අනතුරුව යන කරුණ සත්‍යයද යන්නයි. එහිදී සාක්ෂිකරු එය සත්‍ය බව ප්‍රකාශ කළා. නඩුව දෙසැම්බර් දෙවැනිදා යළි විභාගයට ගැනෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top