මේ විදියට ජිවිතේ අවසන් වේවි කියලා ඔහු හීනෙන්වත් හිතන්න නැතිව ඇති...
දැඩි වර්ෂාව මැද තමන්ගෙ ජිවිතයේ ඉරණමට මුහුණ දුන් මේ පුද්ගලයා ගැන මේ අවාසනාවන්ත පුවත වාර්තා වෙන්නේ අගුණකොළපැලැස්ස ප්‍රදේශයෙන්...
අගුණකොළපැලැස්ස මැදආර ප්‍රදේශයේ වෙල් යායක තම ගොයමට කෘමිනාශක ගසමින් සිටි ගොවියෙකු ඊයේ (12) සවස අකුණු සැර වැදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි .
අගුණකොළපැලැස්ස ප්‍රදේශයට ඇද හැලුණු දැඩි වර්ෂාවත් සමඟ ඇතිවූ අකුණු සැර වැදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ අගුණකොළපැලැස්ස ,බිංකම, පදිංචි දයා තිලකරත්න නමැති 65 හැවිරිදි ගොවියෙක් බවයි වාර්තා වෙන්නේ...
මියගිය අයගේ දේහය තංගල්ල මූලික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා...
මේ අවාසනාවන්ත මරණය ගැන හිතන්න පොළඹවනවා...
දැඩි වර්ෂාව මැද මේ වගේ අනතුරුදායක ලෙස නොසිටියානම් සමහරවිට ඔහුගේ ජිවිතය බේරෙන්න තිබුණා...