ඔබේ ගෙදරත් පොඩි බඩගිනිකාරයෝ ඉන්නවානම් මේ කියන්න හදන්නේ සුපිරි කෑමක් ගැන... ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන් නිසා හරිම පහසුයි...
ඒ තමයි ‘පාන් Pizza’
'' රසම රස පාන් පීසා හදන වැඩෙත් හරිම ලේසියිනේ..." ඔයාලට අන්තිමට එහෙම හිතේවී...
හරි එහෙමනම් බලමුකෝ මොනවද ඕනී වෙන්නේ කියලා....
අවශ්‍ය ද්‍රව්‍ය :
පාන් පෙති කීපයක්
තක්කාලි සෝස්
කුඩාවට කපාගත් කුකුල් මස්
කැරට්
ගෝවා
මොසරැල්ලා චීස්
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් ස්වල්පයක්
සුදු ලූණු සහ අමු මිරිස්
දැන් බලමු හදන හැටි....
පළමුව එළවළු හොඳින් සෝදා කුඩාවට කපාගන්න.
බටර් ස්වල්පයක් රත්වෙන්න තබා කුඩාවට කපාගත් කුකුළු මස් කැබලි හොඳින් බැදගන්න.
ටික වේලාවකින් ඊට සුදු ලූණු, අමු මිරිස් සහ එළවළු ද එකතු කරගන්න.
පසුව ලුණු සහ ගම්මිරිස් රස අනුව එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
එය හොඳින් පිසුණු පසු ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න.
අනතුරුව පාන් පෙතිවල එක් පැත්තක් යාන්තමට ටෝස්ට් කරගන්න.
ඒවායෙහි මතුපිට සෝස් තවරාගන්න.
ඒ මතට කලින් සාදාගත් මිශ්‍රණය තට්ටුවක් ආකාරයෙන් තබා ඊට උඩින් චීස් දමාගන්න.
අවසානයේ මද උෂ්ණත්වය සහිත උඳුනක සාදා ගත් පාන් Pizza පෙති බේක් කරගන්න.
පේනවානේ... හරිම පහසුයි... රසම රසයි... උණු උණුවේ කන්න පුළුවන් ... ගෙදර සේරම අය රස කර කර කන හැමදාම ඉල්ලන කෑමක් වේවී... ඔන්න බලන්නකෝ... හවස තේ වෙලාවට පංකාදුයි...චූටි අයට වෙනසකටත් එක්කලා ඉස්කෝලේ ගෙනියන්නත් නියමයි... හදලම බලන්නකෝ...