ඔහු ගැන පසුගිය දවස්වල ගොඩක් දෙනෙක් කතා වුණා... ඒ ඔහු රංගනයෙන් දායක වෙන Pushpa 2 සිනමාපටය නිසා කිව්වොත් හරි..
ඒත් අද නම් ඔහු ගැන ඇසුනේ වෙනස් විදිහක ආරංචියක්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි.. Pushpa 2 සිනමාපටයේ ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් සමඟ පසුගිය 04 වනදා හයිද්‍රාබාද් හි චිත්‍රපට ශාලාවකින් පිටත සිදුවූ තෙරපීමක දී අදාළ කාන්තාව මියගිය පුවත දැඩි වශයෙන් කතාවට ලක්වුණා..
මේ ඔහු ගැන අද ඇසෙන කතාවත් අන්න ඒ ගැනයි..
හයිද්‍රාබාද් හි පිහිටි මේ චිත්‍රපට ශාලාවේ පිටත සිදුවූ තෙරපීමක දී කාන්තාවක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අද ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ..
ඔහු ජුබිලි හිල්ස් නිවසේ සිටිය දී හයිද්‍රාබාද් හි චිකාඩ්පල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, කාන්තාවගේ මිය යාම සම්බන්ධයෙන් තෙළිඟු නළු අල්ලු අර්ජුන් සහ ඔහුගේ ආරක්ෂකයින්ට මෙන්ම චිත්‍රපට ශාලාවේ කළමණාකාරීත්වයට එරෙහිව හයිද්‍රාබාද් පොලිසියේ ගොනුකර ඇති නඩුවක් සම්බන්ධයෙන් එහිදී ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ..
