Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
12
අපේ ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් C ගැන ඔයා මේ දේවල් දන්නවාද ? පුදුම හිතෙන ප්‍රතිඵල මෙන්න....

- අපේ ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් C ගැන ඔයා මේ දේවල් දන්නවාද ? පුදුම හිතෙන ප්‍රතිඵල මෙන්න....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views
විටමින් C කියන්නෙ අපේ ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් වර්ග වලින් එකක්. 

ඒ කියන්නෙ අපේ ශරීරයට විටමින් C නිපදවීමේ හැකියාවක් නැහැ ඒ නිසා, විටමින් C පිටතින් ලබා ගැනීම අනිවාර්යයි කියලයි.

දොඩම්, ස්ට්‍රෝබෙරි, කිවි, බෙල් පෙපර්, බ්‍රොකලි, නිවිති වගේ එළවළු පළතුරු බොහොමයක ජලද්‍රාවී විටමිනයක් වන විටමින් C අඩංගු වෙලා තියෙනව.


වැඩිහිටි කාන්තාවකගේ දෛනික විටමින් C අවශ්‍යතාව 75 mg ක් ද වැඩිහිටි පිරිමියෙකුගේ දෛනික විටමින් C අවශ්‍යතාව 90 mg ක්ද වශයෙන් හඳුනාගෙන තිබෙනවා.

විටමින් C අඩංගු ආහාර මඟින් මේ විටමින් C අවශ්‍යතාව සපුරා ගන්න කියල උපදෙස් ලැබුණත්, විටමින් C අඩංගු ආහාර අතිරේක මඟින් මේ පෝෂණ අවශ්‍යතාව සපුරා ගන්නත් සමහර පුද්ගලයන් කටයුතු කරනව අපිට දකින්න පුළුවන්.

ඉතිං, අපි බලමු මේ විටමින් C අපේ ශරීර සෞඛ්‍යයට කොතරම් වැදගත්ද කියල.

නිදන්ගත රෝග ඇතිවීමේ අවධානම අඩු කරයි

විටමින් C කියන්නෙ ඔබේ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය ශක්තිමත් කරන්න පුළුවන් හරිම ප්‍රභල ඇන්ටිඔක්සිඩන්ට් වර්ගයක්.

ඇන්ටිඔක්සිඩන්ට් වලට ශරීරයේ සෛලවලට හානිකරන free radicals විදිහට හඳුන්වන සංයෝග වලින් අපේ සෛල ආරක්ෂා කරන්න හැකියාව තියෙනව.

රුධිරයේ අඩංගු Free radicals ප්‍රමාණය වැඩි වුනාම රුධිරයේ oxidative stress ඉහළ ගිහින් නිදන්ගත රෝග ඇතිවීමේ ඉඩකඩ වැඩියි.

විටමින් C වැඩිපුර ආහාරයට ගැනීම මේ oxidative stress අඩු කර ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රතිශතය 30% කින් පමණ ඉහළ නංවන්න හේතු වෙනව කියලත් පර්‍යේෂණ වලින් සොයාගෙන තියෙනව කියලත් සඳහන් වෙනව.


රුධිර පීඩනය ක්‍රමවත් කරයි

අධි රුධිර පීඩනය කියන්නෙ අද බොහොම සුලභව අහන්න ලැබෙන සෞඛ්‍ය ගැටළුවක්නෙ.

අධි රුධිර පීඩනය නිසා හෘදයාබාධ සහ වෙනත් හෘදය ආශ්‍රිත රෝගාබාධ ඇතිවීමේ අවධානමකුත් තියෙනව.

බාහිරින් ලබාදුන් විටමින් C අතිරේක මඟින් අධි රුධිර පීඩනය සහිත පුද්ගලයන්ගේ රුධිර පීඩනය අඩු කරගන්න හැකියාව ලැබී තිබෙන බව පර්‍යේෂකයන් සඳහන් කරනව.

මේ ප්‍රතිඵල දීර්ඝකාලීන වුනත් අධි රුධිර පීඩනය සඳහා විටමින් C පමණක් ගැනීම ප්‍රමාණවත් නෑ වගේම සුදුසුත් නෑ කියලත් අපි ඔබට මතක් කරන්න කැමතියි.


හදවත් රෝග ඇතිවීමේ අවධානම අඩු කරයි

අද ලොව පුරා සිදුවෙන මරණ වලට බලපාන ප්‍රධාන හේතු අතරින් එකක් විදිහට හදවත් රෝග හඳුන්වන්න පුළුවන්.

හදවත් රෝග ඇතිවීමේ අවධානම වැඩි කරන්න අපි ඉහතින් කතා කරපු අධි රුධිර පීඩනය, රුධිරයේ LDL (නරක කොලෙස්ටරෝල්) ප්‍රමාණය ඉහළ යාම සහ HDL (හොඳ කොලෙස්ටරෝල්) ප්‍රමාණය පහළ යාම වගේ හේතු හඳුනාගන්න පුළුවන්.

රුධිරයේ යූරික් ඇසිඩ් මට්ට්ම අඩුකර රක්තවාත ප්‍රදාහය වළක්වයි

රක්තවාතය කියන්නෙ සුලභව දකින්න ලැබෙන ආතරයිටීස් වර්ගයක්.

දැවිල්ලක් ආකාරයට වේදනා දෙන සන්ධි සහ ඉදිමීම වගේ රෝග ලක්ෂණ නිසා රක්තවාතය කියන්නෙ ඉතාම වේදනාකාරී අත්දැකීමක් කියල ඒ රෝගයෙන් පීඩා විඳින ඕනැම කෙනෙක් පිළිඟන්න කාරණාවක්.

රක්තවාතය ඇතිවෙන්නෙ රුධිරයේ යූරික් ඇසිඩ් මට්ටම ඉහළ යාමෙන් කියලයි සඳහන් වෙන්නෙ. විටමින් C රුධිරයේ යූරික් ඇසිඩ් මට්ටම අඩු කර රක්තවාතය ඇතිවීමෙ ඉඩකඩ අවම කරන්න හේතු වෙනව කියල පර්‍යේෂණ මඟින් සොයාගෙන තිබෙනවා.


යකඩ ඌනතාවය වළක්වා ගැනීමට උපකාරී වේ

යකඩ කියන්නෙ රතු රුධිර සෛල සෑදීමට සහ ශරීරය පුරා ඔක්සිජන් ප්‍රවාහනය ඇතුළු ශරීරයේ විවිධ කර්තව්‍යන් ඉටු කරන්න ඉතාම වැදගත් මෙහෙයක් ඉටුකරන පෝෂකයන් අතරින් එකක්.

විටමින් C අපි ගන්නා ආහාර වල අඩංගු යකඩ ශරීරයට අවශෝෂණය කර හැකි තත්වයන්ට පත් කරන්නත්, ශරීරයට අවශෝෂණය කරන්නත් උපකාරී කරනවා.

ශාක ආහාර වල අඩංගු යකඩ මෙලෙස ශරීරයට අවශෝෂණය කළ හැකි තත්වයට පත්කර අවශෝෂණය කරවන නිසා මස් මාංශ අනුභව නොකරන පුද්ගලයන්ට විටමින් C අඩංගු ආහාර අනුභවය ඉතාම වැදගත් වෙන්නෙ මේ නිසයි.

එමඟින් යකඩ ඌණතාවය නිසා ඇතිවෙන රක්තහීනතාවය වැනි සෞඛ්‍ය තත්වයන් වළක්වා ගැනීමේ හැකියාව ලැබෙනවා.

ප්‍රතිශක්තීකරණය වර්ධනය කරයි

බොහෝ දෙනා විටමින් C අඩංගු ආහාර සහ ආහාර අතිරේක ගන්න ප්‍රධානම හේතුව විදිහට ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමට හැකියාව හඳුනාගන්න පුළුවන්.

විටමින් C ආසාදන වලට එරෙහිව ක්‍රියා කරන සුදු රුධිරාණු නිෂ්පාදනය වැඩිදියුණු කරමින් එම ආසාදන හා සටන් කිරීමට ඇති හැකියාව එහෙමත් නැත්නම් ප්‍රතිශක්තීකරණය ඇති කරන්න කටයුතු කරනව.

ඒ වගේම, මේ සුදු රුධිරාණු රුධිර සෛල වලට හානිකරන විවිධ සංඝටක හා වලින් සෛල වලට හානි සිදුවීමේ ඉඩකඩ අසුරා දමන්නත් උපකාරී වෙනවා.

ඒ වගේම ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියාකරමින් සමේ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමටත් තුවාල සුව කිරීමටත් උදව් කරනවා.


වයසට යාමත් සමඟ ඇතිවෙන මතකය හිඟවීමේ අවධානම අඩු කරයි

ඩිමෙන්ෂියා කියන්නෙ වයසට යාමත් සමඟ ඇතිවෙන සිතීමේ සහ මතක ශක්තිය අඩු වීමේ සෞඛ්‍ය ගැටළුවක්.

කොඳු ඇට පෙළ, මොළය සහ ස්නායු අසල ඔක්සිකාරක ආතතිය සහ දැවිල්ල මෙම ඩිමෙන්ෂියා තත්වය ඇතිවීමේ අවදානම වැඩි කරන්න හේතු වෙනව කියලත් පර්‍යේෂණ මඟින් හෙළිදරව් කරගෙන තිබෙනවා.

විටමින් C කියන්නෙ ඉතාම හොඳ සහ ශක්තිමත් ප්‍රතිඔක්සිකාරකයක්.

ඒ මඟින් වයසට යාමේදී සිතීම සහ මතකය ආරක්ෂා කරන්න උදව් කරන්න වගේම ඔබේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය යහපත්ව පවත්වා ගන්නත් උදව් කරනව කියල සඳහන් වෙනව.

අපි එකිනෙකාගේ සිරුරු සහ අපි හඳුනාගෙන තිබෙන සහ හඳුනා නොගත් සෞඛ්‍ය තත්වයන් එකිනෙකට වෙනස් ඒ නිසා කොතරම් ගුණදායක සහ ලාභදායී දෙයක් වුනත් අපි එක් අයෙක්ගෙන් තවත් අයෙක්ට වෙනස් ආකාරයට ක්‍රියා කරන්න පුළුවන්.

ඒ නිසා, ආහාර අතිරේක මඟින් හෝ සාමාන්‍ය මට්ටමට වඩා විටමින් C ඔබේ ශරීරයට එකතු කරන්න කලින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි. සුවපත් දිවියකට අවශ්‍ය විටමින් අඩංගු ආහාර වර්ග ඔබේ කෑම වේලට එකතු කරගන්න අමතක කරන්න එපා...

අන්තර්ජාලයෙන්.... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top