මේ අවාසනාවන්ත පුවත ඇසෙන්නේ රත්නපුරේ ගොඩකවෙල ප්‍රදේශයෙන්... මෙහෙම දෙයක් වෙයි කියලා එයලා කිසිම වෙලාවක හිතන්න නැතුව ඇති...
ගොඩකවෙල පොලිස් වසමේ අම්මඩුව ප්‍රදේශයේදී ගසක අත්තක් වැදී ඊයේ දරුවෙකු මිය ගොස් ඇති පුවතක් ගොඩකවෙල පොලිසිය සඳහන් කර සිටිනවා.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 13ක් වූ රංවල, ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බවයි පැවසෙන්නේ.
දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, මියගිය දරුවාගේ පියා සහ තවත් පුද්ගලයෙකු දිරා ගිය කොස් ගසක් කපා බිම දැමීමේදී එහි අත්තක් මියගිය දරුවාගේ හිසෙහි වැදීමෙන් මෙම මරණය සිදුව ඇති බවටයි.
මෘත ශරීරය ගොඩකවෙල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.