මේ කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහක කතාවක්.. එළවළු මල්ලක මෙහෙම දෙයක්.. කවුද මේ ගැන හිතන්නේ...
සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුද වන බොරැල්ලේ 'චුට්ටං' නැමැත්තාට අයත් බව කියන මත්ද්‍රව්‍ය තොගයක් එළවළු මල්ලක බහා බස් රථ ඔස්සේ ප්‍රවාහනය කළ පුද්ගලයෙකු බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක අයෙක් වන අතර, එළවළු මල්ලේ සඟවා තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 100 ක් සොයා ගැනීමට සමත්ව තිබෙනවා..
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව බොරැල්ල පොලිසියේ විශේෂ කණ්ඩායමක් යොදා සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා...