රාත්‍රී ගමන්බිමන්වල කොහොමත් අවදානමක් තියනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ ගමනක් නිසා ලස්සන පුංචි පවුලකට අත්වුණ තවත් ඛේදනිය ඉරණමක් ගැන කතාවක්..
මේ කතාව ඇසෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරක් ගැනයි..
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව දෙස සිට පාලටුව දෙසට ධාවනය වූ කාර් රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන් එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටී ඊයේ රාත්‍රියේදී අනතුරක් සිදුව තිබෙනවා...
අනතුරින් කාර් රථයේ ගමන්ගත් එකම පවුලේ මව පියා සහ දියණියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් දැරියක් මියගොස් තිබෙනවා..
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 10ක් වූ නූපේ, මාතර ප්‍රදේශයේ පදිංචි දැරියක්..
මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරට සම්බන්ධ වැඩිදුර විමර්ශන ඉමදුව පොලිසිය මගින් සිදු කරනු ලබනවා..