මේ තවත් භයානයක කාලයක් උදා වෙන බවට ලැබෙන ඉඟියක්ද කියලා බොහෝ දෙනෙක් ඉන්නේ සැකයකින්..
උණ රෝගයක් ගැන යාපනයෙන් ඇසෙන මේ කතාව ගැන ලාංකිකයින් වන අපි අවදානයෙන් ඉන්න එක වැදගත්..
හඳුනා නොගත් උණ රෝගයක් හේතුවෙන් උතුරු පළාතේ මියගිය සංඛ්‍යාව 07 දක්වා ඉහළ ගොස් ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් පවසනවා..
ඔවුන්ගෙන් 06 දෙනෙකු යාපනය දිස්ත්‍රික්කයෙනුත් තවත් පුද්ගලයෙකු මුලතිව් දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වුණා..
මේ වන විටත් මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සහ මහනුවර ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙනවා..
මෙම උණ තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූයේ අවුරුදු 20ත් 65ත් අතර වයස්වල පසුවන පේදුරුතුඩුව, කරවෙඩ්ඩි, චාවකච්චේරිය සහ මුලතිව් යන ප්‍රදේශවල පදිංචිකරුවන්..