අපි කවුරුත් භාවිත කරන සමාජ මාධ්‍ය ජාලා කිසිපයක් ගැන ඊයේ ලොකු කතාබහක් ඇති වුණා.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප්, ත්‍රෙඩ්ස් සහ මැසෙන්ජර් ඇතුළු මෙටා හි සමාජ මාධ්‍ය ජාලා වෙත ප්‍රවේශ වීමට ගැටලු සහගත තත්ත්වයක් ඊයේ (11) ඇතිවී තිබෙනවා..
එමෙන්ම මෙටා ගැටලු සම්බන්ධයෙන් වාර්තා ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවටයි වාර්තා වෙන්නේ..
වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් යන යෙදුම් දෙකම X හරහා ඇනහිටීම් තහවුරු කර ඇති අතර, බොහෝ පරිශීලකයින් තමන්ට මෙටා යෙදුම් වෙත ප්‍රවේශ වීමට නොහැකි බවයි වාර්තා කර ඇත්තේ..
එක්සත් රාජධානිය, ආසියාව, ඔස්ට්‍රේලියාව, දකුණු අමෙරිකාව සහ එක්සත් ජනපදය තුළ ද මෙම ගැටලු වාර්තා වී තිබෙනවා..
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යෙදුම් දෙකටම ප්‍රවේශ වීමට පරිශීලකයින්ට දුෂ්කරතා අත්විඳීමත් සමඟ ඊයේ පස්වරු 01ට පමණ මෙම ඇනහිටීම් ප්‍රථම වරට වාර්තා වී තිබුණේ..
මෙටා විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරමින් මෙම බාධාවන් පිළිගෙන ඇති අතර, හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි සඳහන් කර තිබෙන්නේ..
කෙසේ වෙතත්, මෙටා සේවාවන් ලොව පුරා ඇනහිටීම්වලට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ..
මාර්තු මාසයේදී, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ලොව පුරා දැඩි ගැටලුවලට මුහුණ දුන්නා..