Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
11
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක්... NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී...

- මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක්... NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමන් (Plymouth) විශ්ව විද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. 

NSBM හරිත සරසවියේ හවුල්කාර විශ්ව විද්‍යාලයක් වන ප්ලිමන් විශ්ව විද්‍යාලය මෙම ගෞරව ආචාර්ය උපාධිය ඒ මහතාට ප්‍රධානය කරන ලද්දේ NSBM 2024 වර්ෂය සඳහා වන උපාධි ප්‍රදානෝත්සව සතියේ ඊයේ (දෙසැම්බර් 10) පැවති දෙවන දිනයේදීය.

ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර වල වසර 35 කට වැඩි වෘත්තීය පළපුරුද්දක් සහිත කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානීවරයෙක් වන මුදලිගේ මහතා 1991 වසරේ සිට වරලත් ගණකාධිකාරීවරයෙකු ලෙස කටයුතු කරයි. ඔහු ICASL, CIMA-UK, ACCA-UK, සහ CPA Australia ඇතුළු ලෝකයේ ප්‍රමුඛ පෙළේ වෘත්තීය ආයතනයන්ගේ සාමාජිකයෙකි.

PwC ආයතනයෙහි වසර 25 ක කීර්තිමත් වෘත්තීය කාලයක් ගත කළ ඔහු 2023 දක්වා ආයතනයේ කළමනාකාර සහකරු සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස වසර හතක් සේවය කළේය.

ගෝලීය ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ද බොහෝ අවස්ථාවන්ගේ කීර්තිමත් භූමිකාවන් හෙබ වූ මුදලිගේ මහතා ආසියා පැසිෆික් ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ (CAPA) සභාපනි සහ ජාත්‍යන්තර ගිණුම් කරණ අධ්‍යාපන ප්‍රමිති මණ්ඩලයේ සාමාජික වැනි ඉහළ තනතුරු දරා ඇත.

ජාතික වශයෙන් ඔහු මූල්‍ය පාලනය සම්බන්ධයෙන් උපදේශකයෙක් ලෙස දායක වී ඇති අතර, SEC, NMRA, සහ Bol වැනි නියාමන ආයතන වල සේවය කරමින් ඩිජිටල් බැංකුකරණය සහ බ්ලොක්චේන් වැනි මුලපිරීම්වලට නායකත්වය දී ඇත.

මුදලිගේ මහතා ශ්‍රී ලංකාවේ ගණකාධිකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රය සඳහා ලබා දුන් අසමසම දායකත්වය අගයමින් ලොව ඉහළම ශ්‍රේණිගත විශ්ව විද්‍යාලයක් වන එක්සත් රාජධානියේ ප්ලිමත් විශ්ව විද්‍යාලය විසින් මෙම ගෞරව ආචාර්ය උපාධිය ඒ මහතාට පිරිනමනු ලැබුවේය.

NSBMහි 2024 වර්ෂය සඳහා වන උපාධි ප්‍රදානෝත්සව සතියේ දෙවන දිනයේ සුවිශේෂී අංගයක් වූ මේ අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

උපාධි ප්‍රදානෝත්සව සතියේ දෙවන දිනයේ ප්‍රධාන සැසි 3 ක් පැවති අතර එහිදී NSBM හරිත සරසවිය මඟින් පිරිනමන ඉංජිනේරු සහ අභ්‍යන්තර නිර්මාණ කරණ යන උපාධි පාඨමාලා මෙන්ම ව්‍යාපාර අධ්‍යයන සහ ව්‍යාපාර පරිපාලන යන පශ්චාත් උපාධි හැදෑරූ සිසුන් සිය උපාධිය ලබාගන්නා ලදී.

තවද, මෙදින එංගලන්තයේ ප්ලිමන් සරසවිය (University of Plymouth, UK) අනුබද්ධව ව්‍යාපාර විෂය ක්ෂේත්‍රයන්ගෙන් සහ අභ්‍යන්තර නිර්මාණ කරණ උපාධි සම්පූර්ණ කළ සිසුන්ට ද උපාධි පිරිනමන ලදී.

උත්සවයේ දෙවන දිනයේ සෑම උපාධි ප්‍රධාන සැසියක් සම්භාවනීය අමුත්තකුගේ සහභාගීත්වයෙන් ආලෝකමත් වූ අතර එහිදී ආරාධිත අමුත්තන් විසින් උපාධිධාරීන් අමතා වටිනා දේශනයක්ද පවත්වන ලදී.

එදින ආරාධිත අමුත්තන් ලෙස ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ලෝක ප්‍රකට නව නිපැයුම්කරුවෙකු සහ ව්‍යවසායකයෙක් වන ආචාර්ය බන්දුල විජේ මහතා මෙන්ම ප්ලිමත් සරසවියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උපකුලපතිතුමන් වන මහාචාර්ය ඩැෆිඩ් මුවර් මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වූහ.

එසේම NSBM හරිත සරසවියේ උපකුලපති තුමන් මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ මහතා, නියෝජ්‍ය උපකුලපතිතුමන් මහාචාර්ය චමින්ද රත්නායක මහතා, අධ්‍යයන සංවර්ධන හා තත්ත්ව සහතික අංශයේ ප්‍රධානීතුමන් මහාචාර්ය ). භරත දොඩං කොටුව මහතා, පීඨාධිපතිවරුන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය අනෙකුත් ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ උපාධිධාරීන්ගේ දෙමාපියන් ද මෙම අවස්ථාව වර්ණවත් කිරීමට එක් වූහ.

NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන උපාධි ප්‍රදානෝත්සව සතියේ අවසන් දිනය වන හෙට (දෙසැම්බර් 13) දිනයද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී. එදිනට ප්ලිමත් සරසවිය මඟින් පිරිනමනු ලබන පරිගණක උපාධි සහ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා සරසවිය මඟින් පිරිනමන ව්‍යාපාර සහ පරිගණක උපාධි සම්පූර්ණ කළ සිසුන්ට උපාධි සහතික පත් පිරිනමයි.

ඒ සඳහා සම්භාවනීය අමුත්තන් ලෙස ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මහා ලේකම් (දේශපාලන සහ ආර්ථික), ආචාර්ය පෝල් සේ ස්කොලා මහතා සහ වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ අධ්‍යක්ෂ - හවුල්කාරීත්ව කරීන් නේරී මහත්මිය ප්‍රමුඛ විශ්ව විද්‍යාලයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඉකුත් සඳුදා (දෙසැම්බර් 09) හෝමාගම පිටිපන NSBM හරිත සරසවි ශ්‍රවණාගාරයේදී ආරම්භ වූ NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන උපාධි ප්‍රදානෝත්සව සතිය තුළ NSBM හරිත සරසවියෙහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු විද්‍යා සහ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයන් ඔස්සේ උපාධි පාඨමාලාවන් හැදැරූ 1500 කට අධික සිසුන් ප්‍රමාණයක් සිය උපාධි ලබාගැනීමට නියමිතයි.

උත්සවය උපාධි ප්‍රධානය කරන විශ්ව විද්‍යාල සහ ප්‍රධාන විෂය ධාරාවන් අනුව වෙන්කරන ලද ප්‍රධාන සැසි 09 ක් යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇත.








 

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top