ඔහුගේ විවාහයට තවත් ඇත්තේ මාසයක් වගේ කෙටි කාලයක්.. සතුටෙන් විනෝදයෙන් කාලය ගත කරන තරුණයෙක් වුණ මධුකගේ මේ මරණය කිසිවෙකුට තවමත් අදාහාගන්න බැහැ...
මේ කියන්නේ ඔහුගේ මරණය ගැන ඇසෙන හද සංවේදී කරන ඒ පුවත ගැනයි..
අනුරාධපුර – ත්‍රිකුණාමලය ඒ 12 මාර්ගයේ මිහින්තලේ පොලිස් වසමේ පුංචිකුලම හන්දිය ආසන්නයේදී අද මේ අනතුර සිදුව
තිබුණා... ඒ රිය අනතුරෙන් තරුණයක් ජීවිතක්ෂයට පත්වූ අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිහින්තලය කම්මලක්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ. මධුක සංගීත් ජයසුන්දර නමැති 27 හැවිරිදි අවිවාහක අයෙක්..
අනතුරින් මියගිය තරුණයා ලබන මසදී විවාහ වීමට සිටි අයෙකු වන බවයි වාර්තා වෙන්නේ.. ඔහු ලංකාවේ සුපිරි වෙළඳසැල් ජාලයක අනුරාධපුර සල්ගාදු ක්‍රීඩා පිටිය ඉදිරිපිට ශාඛාවේ සේවයේ නිරතව සිටි අයෙක්..
මිහින්තලේ දෙස සිට අනුරාධපුර දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මරණකරු, යතුරු පැදියෙන් ඇද වැටී ඇති බව පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසනවා..
එම අවස්ථාවේදී අනුරාධපුර දෙස සිට මිහින්තලය දෙසට සුඛෝපභෝගී ජීප් රථයක් ගමන් කර ඇති අතර, බරපතල තුවාල ලැබූ මරණකරු එම රථයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති බවද පොලිසිය පවසනවා...
යතුරු පැදියෙන් ඇද වැටුණු මරණකරු එම ජීප් රථයේ ගැටුණාද යන්න අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසන්නේ..
මිහින්තලේ පොලිසියේ රථ වාහන අංශය මේ අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා...