පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා නැවත වතාවක් යාපනය ශික්ෂණ රෝහල වෙතට පැමිණ රෝහල් කටයුතුවලට බාධා කරන්නේනම් ඔහුව අල්ලා යපනය පොලීසියට බාර දෙන බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති පවසනවා.
රෝහල් අධ්‍යක්ෂකවරයා මේ බව සඳහන් කළේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා, යාපනය ශික්ෂණ රෝහලට පැමිණ රෝහලේ දෛනික කටයුතු වලට බාධාකරමින් හැසුරුණු බව පවසමින් යාපනය පොලීසියේ පැමිණිල්ලක් ගොනු කිරීම සමබන්ධයෙන් ඊයේ (10) දින පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහල් අධ්‍යක්ෂකවරයා පවසා සිටයේ, යාපනය රෝහලට දෛනිකව රෝගීන් 2,000කට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බවටත් රෝහල කටයුතු නිසි ලෙසින් අධික්ෂණය කල යුතු මොහොතක කිසිදු දැනුම් දීමක් සිදු නොකට අදාල මන්ත්‍රීවරයා රෝහලට පැමිණ රෝහල් කාර්යමණ්ඩලයේ රාජකාරි වලට බාධා කොට තමන් මුණගැසීමට අනවසරයෙන් උත්සහ දරා ඇති බවයි.
එම අවස්ථාවේ තමන් මුණ ගැසීමෙන් අනතුරුව අදාල මන්ත්‍රීවරයාට 'සර්' යනුවෙන් ආමන්ත්‍රණය කරන ලෙසට තමන්ට විධානය කල අවස්ථාවේදී තමන් ඒය ප්‍රතික්ෂේප කොට 'ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්' යන්නෙන් ආමන්ත්‍රණය කිරීමට හැකි බව පැවසූ බවද ඔහු සඳහන් කළා.
ඉන් අනතුරුව මන්ත්‍රීවරයා තමන්ට බැණ වදිමින් තමන් පර්ලිමේන්තුවට කැඳවා ප්‍රශ්න කරන බවත් රෝහල් අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව සඳහන් කරමින් තර්ජනය කළ බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.
මේ හේතුවෙන් නැවත එවැනි කටයුත්තක් හෝ රෝහලේ රාජකාරි කටයූතු වලට අදාල මන්ත්‍රීවරයා විසින් බාධා කරන්නේනම් රෝහලේ ආරක්ෂක නිලධරීන් මාර්ගයෙන් මන්ත්‍රීවරයා යාපනය පොලීසියට භාරදීමට පියවර ගන්නා බවටද රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවා.