දිනෙන් දින වෙනස් වෙන කාලගුණය ගැන මේ වෙනකොට ලක්වාසීන් සියලුදෙනා ඉන්නේ ගොඩක් විමසිල්ලෙන්..
තවමත් පැවති අයහපත් කාලගුණ තත්වය පහව ගිහින් නැහැ.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවක්..
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 දී බටහිර - වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ වන විට ශ්‍රී ලංකා - තමල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා..
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන අතර දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ද ක්‍රමයෙන් ස්ථාපිත වෙතැයි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ..
එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද සඳහන්..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි..
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි වාර්තා වන්නේ..
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා..