වත්තල ප්‍රදේශයේ විරැකියාවෙන් පෙලෙන තරුණ තරුණියන් ඉලක්ක කරමින් ‘ප්‍රාදේශීය රැකියා වෙළඳපොළ’ හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අදාළ වෙළඳපොළ සංවිධාන කර ඇත්තේ, මිනිස් බල හා රැකියා දෙපාර්තමේන්තුව, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහා වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්වයි.
පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශාලාවේදී එය පැවැත්වෙන බව සඳහන්.
එහිදී විරැකියාවෙන් පෙලෙන තරුණ තරුණියන් පෞද්ගලික අංශයට අයත් ඇඟලුම්, බැංකු, රක්ෂණ, ඉදිකිරීම් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි මෙන්ම විදේශයන්හි රැකියා අවස්ථා සඳහා යොමු කිරීම ද සිදුවෙනු ඇති.