ඒ ගින්න ඇති වීමට හේතුව මොකද්ද කියන්න කිසිවෙකුත් හරිහැටි තවම දන්නේ නැහැ..
ප්‍රදේශයක් සලිත කළ මේ පුවත වාර්තා වෙන්නේ පොතුපිටිය ප්‍රදේශයෙන්..
වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක් අද ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.. එසේ ගිනි ගැනීමට ලක්වූ නිවස මුළුමනින්ම විනාශ වී ඇති බවටයි වාර්තා වෙන්නේ..
ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණා.. අසල්වාසී නිවසකටද මෙම ගින්න පැතිර යමින් තිබූ අතර, ප්‍රදේශවාසීන් එක්ව එය පාලනය කිරීමට ද සමත්ව තිබෙනවා..
කෙසේ වෙතත්, ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවට සඳහන්.. එම ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ..