අලි රංචුවක් වගාව විනාශ කළැයි , කම්පාවට පත්වූ ගොවියෙක් අමුතු තාලයේ උපවාසයක නිරතවූ පුවතක් වාර්තා වුණා...
වන අලි රංචුවක් විසින් තම වී වගාව විනාශ කිරීමට විරෝධය පලකරමින් අරලගංවිල, වීරලන්ද මහවැලි ගම්මානයේ ගොවියෙකු අඩි 70ක් පමණ උසින් යුත් විශාල ගසක් මතට නැග උපවාසයක නිරතව තිබෙනවා.
ඒ අරලගංවිල වලස්ගල රක්ෂිතයේ සිට ගම්වැදුණු වනඅලි රංචුවක් ඔහුගේ වගාව විනාශ කළ බව කියමින්.
පැය 6කට වැඩි කාලයක් ඔහු ගස මත නැගී සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.
එම ස්ථානයට පැමිණි ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න වන අලි ගැටලුවට විසඳුමක් ලබාදෙන බවට පොරොන්දු වුණා.
එම පොරොන්දුවෙන් පසුවයි එම ගොවියා උපවාසය අතහැරීමට කටයුතු කළේ.