ඒ සිදුවීම බොහෝ දෙනෙකුට මතක ඇති.. ඇත්තටම ඔහු කවුද..?
ඒ ගැන බොහෝ දෙනෙක් සොයා බැලුවත් තවමත් මේ ගැන පර්‍යේෂණ සිදුවෙනවා.. මේ කියන්න යන්නේ තවත් එක් විශේෂ පුවතක් ගැන ඇසෙන කතාවක්..
ඉතා දුෂ්කර කාලයන්වලදී පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදුකළ තමන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම් ලබා නොදෙන්නේනම් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බව සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා..
එහි කැඳවුම්කරු දිනුක බණ්ඩාර මේ බව කියා සිටියේ මහනුවරදී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්...
මේ අතර, බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගත් සංවර්ධන නිලධාරීන් හතරදෙනා ඇප මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළා..
ඒ හඳුනාගැනීමේ පෙරට්ටුවේදී පොලිස් නිලධාරීන් විසින් එම සංවර්ධන නිලධාරීන් සැකකටයුතු කිසිඳු දෙයක් සිදු නොකළ බවට ප්‍රකාශ කිරීම හේතුවෙන්..
එමෙන්ම, විරෝධතාව අතරතුර සැකකටයුතු ලෙස හැසිරුණු බව පවසමින් පොලිසියට බාර දුන් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු බුද්ධි අංශ නිලධාරියෙකු බව අධිකරණයේදී අනාවරණ වුණා.
පාසල්වලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන් මෙන්ම උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් පසුගිය දෙසැම්බර් 02වනදා බත්තරමුල්ල - ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය මෙම විරෝධතාව සිදු කළා...