මෙවර තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙරට වඩා හරි විශේෂයි..
වෙනස්කම් ගණනාවක් එක්ක 10 වන පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ආව මේ පිරිස ගැන ගොඩක් දෙනෙක කතා කළා..
මේ පිරිස අතරින් කථානායක අශෝක රන්වල කියන්නේ තවත් සුවිශේෂී කෙනෙක්.. කොහොම වුණත් මේ වෙද්දී ඔහු ගැන එක එක කතා ඇසෙනවා.. ඒ කතා ඉදිරියේ ඔහු නිහඬද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන අලුත්ම කතාවයි..
කථානායක අශෝක රංවලට මෙරට විශ්ව විද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබා දී නැතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසා තිබෙනවා..
මේ සමගම සමාජය තුළ මතුව ඇති කතිකාවතත් සමග පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ පළව තිබූ ඔහුගේ ජීව දත්ත තොරතුරු තුළින් ද ආචාර්ය යන නාමය ඉවත්කිරීමට කටයුතු කර තිබුණා..
මේ සම්බන්ධයෙන් කතානායක අශෝක රංවල පවසන්නේ නිසි වේලාවට ඊට පිළිතුරු ලබා දෙන බවයි..