අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් පිරිසට ඇප ලබා දී තිබෙනවා.
එම සැකකාර පුද්ගලයන් අට දෙනෙකු එක් අයෙකුට රු 100,000 බැගින් වූ මුදල් ඇප හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ශරීර ඇප සහ දැඩි කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මාහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් අද (10) නියෝග කර තිබෙනවා.
සැකකරුවන් අට දෙනාගේ විදේශ ගමන් තහනම් කරමින් එම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් සෑම ඉරු දිනකම අතුරුගිරිය පොලිසියේ පෙනී සිට අත්සන් කළ යුතු බවයි නියෝග කොට ඇත්තේ.
ඉකුත් ජූලි (08) වැනිදා දින අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක සිදුකළ වෙඩි තැබීමක දී මියගිය විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේරත්න සහ රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව ආධාර අනුබලදීම සම්බන්ධයෙනුයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණේ.