දවසින් දවස වෙනස් වෙන රුපියල ගැන දැනගන්න ගොඩක් දෙනෙක් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා..
මේ කියන්න යන්නේ අද දවසේ ඒ ගැන ඇසෙන කතාවයි..
අද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබුණා...
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ, රුපියල් 286.02ක් ලෙසයි..
එහි විකුණුම් මිල රුපියල් 294.63ක් ලෙස සටහන්ව තිබුණා..
එමෙන්ම, බ්‍රිතාන්‍ය පවුමක ගැනුම් මිල රුපියල් 363.04ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 377.06ක් ලෙසත් දැක්වෙනවා..
.
තවද, යුරෝ ගැනුම් මිල ලෙස රුපියල් 300.08කුත්, විකුණුම් මිල ලෙස රුපියල් 312.65කුත් දැක්වෙනවා..