මේ දිනවල වායු ගුණ තත්වයේ වෙනස්කම් විටින් විට සිදුවුණා...
මේ කියන්න හදන්නේ ඒ ගැන ලැබුණ අලුත්ම ආරංචිය ගැනයි...
දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අද සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, අද (10) පස්වරුව වනවිට එම තත්ත්වය ක්‍රමයෙන් අඩු වනු ඇති බවයි.
තවද, මෙම තත්ත්වය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇත්නම් වෛද්‍ය උපදෙස් ගන්නා ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.