මේ කියන්න යන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න ඔබට ආරංචියක්..
මෙම වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීම අදින් (10) අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා...
ඒ අනුව, අද මධ්‍යම රාත්‍රී 12න් පසු අයදුම්පත් භාරගැනීමේ කටයුතු අවසන් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ...
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම්පත් සම්පුර්ණ කිරීමට අවස්ථාව සලසා දී තිබෙන බවයි ඔහු සඳහන් කළේ..
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට විභාග අපේක්ෂකයින් හට පසුගිය නොවැම්බර් මස 5 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලය ලබාදී තිබුණා..
කෙසේ වෙතත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම කාලසීමාව අද දිනය දක්වා දීර්ඝ කිරීමටයි විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේ..