කලාවැව වලව්වේගම ප්‍රදේශයේදී අබිරහස් මරණයක් වාර්තා වුණා...
කලාවැව වලව්වේගම නිවසක් තුළ සිදුව තිබූ එම ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර කලාවැව වලව්වේගම නිවසත් තුළ තිබී සොයා ගැනීමට ඉපලෝගම පොලිසියට හැකිව තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ විජිතපුර වලව්වේගම ප්‍රෙද්ශයේ පදිංචිව සිටි නාවලගොඩ ලියද්දේ ගෙදර තිලක් වීරසිංහ නමැති 37 හැවිරිදි එක්දරු පියෙකු බව පොලිසිය කියයි.
මළ සිරුර හමුවූ නිවස ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා විසින් වෙනත් ප්‍රදේශයක යුවළක් සඳහා කුලියට ලබා දී තිබූ එකක් බවට පොලිස් විමර්ශණවලදී අනාවරණය වි තිබුණා...
ඝාතනයට ලක්වූ පුද්ගලයා තමන් පදිංචි නිවසේ සිට තමන් කුලියට ලබා දී තිබූ මෙම නිවසට පැමිණ ඇති බවත් එසේ පැමිණී අවස්ථාවේදී කුලියට ලබා දී තිබූ නිවස තුළදී ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවත් පොලිසිය කියයි.
නිවෙස් හිමියාගේ සිරුර හමුවූ එම නිවසේ කුලීයට සිටි යුවළද සිද්දියෙන් පසු එම නිවස අතහැර පලා ගොස් තිබුණා...
අදාළ නිවසේ කුලි පදනම මත සිටි පුද්ගලයකු හා මිය ගිය පුද්ගලයාද ඇතුළු පිරිසක් පෙරදිනක රාත්‍රියේ එම නිවසේ සාදයක් පවත්වා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර එම අවස්ථාවේ ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවූයේද යන්න පිළීබඳව පොලිසියේ අනුමානය වී තිබෙනවා...