ඔහුගේ ජීවිතය මේ වගේ හදිසි අනතුරක් නිසා අහිමි වෙයි කියලා කිසිවෙකුත් හිතන්න නැතුව ඇති.. ඇත්තටම ඔහු කඩවසම් තරුණයෙක්..
මේ ඔහුගේ ජීවිතයේ හොඳම කාලය.. මේ ගත කළ කෙටි කාලය තුළ ඔහු අනාගතය ගැන මොනතරම් නම් හීන දකින්න ඇතිද..? ඒත් දැන් ඒ හැම දෙයක්ම බොඳ වෙලා ගිහින්.. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන අනුවේදනිය කතාවයි.. හලාවත, වට්ටක්කල්ලිය ප්‍රදේශයේ දී ඊයේ දහවල් සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් ගත් යතුරු පැදියක් කොළඹ කොටුවේ සිට පුත්තලම දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ..අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් 18 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුලත් කළ බවයි පොලිසිය සඳහන් කළේ..මියගිය තරුණයා වට්ටක්කල්ලිය ප්‍රදේශයේම පදිංචිකරුවෙක්..සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හලාවත පොලිසිය විසින් සිදුකරනු ලබනවා..