කටට රසට මාළු ඇඹුල්තියල් ටිකක් එක්ක බත් වේලක් කන්න බොහෝ දෙනෙක් ආසයි.
ඒ නිසාම නිවැරදි පහේ පදමට එක් කරල මාළු ඇඹුල්තියල් සකස් කරන ආකාරය අපි අද බලමු… මාළු ඇඹුල්තියල් හදන ක්‍රමය පළාතෙන් පළාතට වෙනස් වෙනවා... මේ සාමාන්‍ය ක්‍රමය... හැබැයි රසයි...
අවශ්‍ය ද්‍රව්‍ය
තලපත් හෝ වෙනත් ලොකු මාළු ග්‍රෑම් 500 ක්
ගොරකා මේස හැදි 2 යි
ගම්මිරිස් මේස හැදි 3 යි
අඹරාගත් සුදුළුණු මේස හැදි 2 යි
අඹරාගත් ඉගුරු තේ හැදි 2 යි
අඹරාගත් කරපිංචා තේ හැදි 2 යි
අඹරාගත් අමු මිරිස් තේ හැදි 2 යි
කරදමුංගු කුඩු තේ හැදි 1/4 යි
ලූණු මේස හැදි 2 යි
වතුර මි.ලී. 250
පිළියෙල කරන්නේ කොහොමද කියලා බලමු ....
මුලින්ම ගොරකා, ගම්මිරිස්, අඹරාගත් අමු මිරිස්, කරපිංචා කුරුදු පොතු එකට දමා හොදින් කවලමි කර ගන්න,
දැන් ඉගුරු, සුදුළුණු එකට අනා ගන්න. දැන් නැවත අනා එයට ලුණු දමා ගන්න.
ඉන්පසු මාළු කැබලි එම මිශ්‍රණයේ දවටමින් එකින් එක මැටි හට්ටියේ අතුරා ගන්න. එයට වතුර එක්කර ගන්න.
දැන් එය ලිප මත තබා වතුර හිදෙන තුරු මද ගින්නේ හොදින් පිස ගන්න. දර ලිපක උයන්න පුළුවන්නම් හරිම රසයි...
ඒවගේම රසම රස පොල් සම්බෝලයක් එක්ක සුදු කැකුළු බතකට නියමයි... හදලා රස බලන්නකෝ...