මේ දවස්වල ගොඩක් දෙනෙක් සහල් ගැන කතා වෙනවා.. ඒ වෙළඳපොලේ පවතින සහල් හිඟය නිසා කිව්වොත් හරි..
මේ කියන්න යන්නේ ඒ හැම කතාවක්ම ඇසෙන මේ කාලේ වෙන තවත් වෙනස් විදිහේ ජාවාරමක් ගැන කතාවක්..
මහා පරිමාණ සහල් මෝලකින් අද පස්වරුවේ ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳසැලකට රැගෙන ආ සහල් මලුවල නියමිත බර නොමැති වීම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අද (09) එම සහල් මලු පරීක්ෂා කළා..
එහිදී නිරීක්ෂණය වී තිබුණේ, අදාළ සහල් මලු ඉතා සූක්ෂමව සිදුරු කර සහල් රැගෙන ඇති බවයි..
මීට දින කිහිපයකට පෙර කළ ඇණවුමක් මත මහා පරිමාණ සහල් නිෂ්පාදන ආයතනයකින් අද (09) පස්වරුවේ ගම්පහ ප්‍රදේශයේ වෙළෙඳසැළකට සහල් ගෙනවිත් තිබුණා..
වෙළෙඳසැලේ සේවකයින් සහල් මලු පරීක්ෂා කිරීමේදී නිරීක්ෂණය වී ඇත්තේ එහි නියමිත බර නොමැති බවයි..
පසුව කළ පරීක්ෂාවේදී අදාළ සහල් මලු සූක්ෂමව සිදුරු කර සහල් ඉවත් කර ඇති බව නිරීක්ෂණය වී තිබුණා..