Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
09
"අවස්ථාව ගන්න එක ලේසි වුණත් තාත්තා ඒකට කැමති වෙන්නේ නැහැ.." වයසට වඩා දක්ෂතා පෙන්වන රොෂාන්ගේ ලොකු දෝණි..

- "අවස්ථාව ගන්න එක ලේසි වුණත් තාත්තා ඒකට කැමති වෙන්නේ නැහැ.." වයසට වඩා දක්ෂතා පෙන්වන රොෂාන්ගේ ලොකු දෝණි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38 Views

ඇය රටම දන්නා ජනප්‍රිය ගායන ශිල්පියෙකුගේ දියණියක්.. රොෂාන් ප්‍රනාන්දු, flash back සංගීත කණ්ඩායම ගැන කතා කරන ගොඩක් දෙනෙක් ඔහු ගැන හොඳින්ම දන්නවා.. 


ගොඩක් ලස්සන පවුලක් වෙච්ච ‍රොෂාන්ගේ පවුලේ ලොකු දෝණිත් දැන් තාත්තා වගේම ගොඩක් ජනප්‍රියයි.. ඒ ඇගේ ගායන හැකියාව නිසා කිව්වොත් හරි.. සිත්මිගේ 20 වැනි උපන්දිනය අදට යෙදිලා තිබුණා..

ඉතින් මේ තරම් ලොකු දුවෙක් ඉන්නවා කියන එක තාත්තා කෙනෙක්ට මොන තරම් නම් ආඩම්බරයක්ද..? ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා ඉන්න ඇය මේ දවස්වල නිවාඩුවක් ගත කරන්න ලංකාවට ඇවිල්ලා ලු... 

සිත්මි ප්‍රනාන්දු, කලාව ආදුනික නොවන මේ පවුලේ ඊළඟ පුරුක ඇය කියලා කියන්න පුළුවන්.. මේ දවස්වල ඇය ගෙවන ජීවිතය වගේම ඇගේ සංගීත වැඩකටයුතු ගැන සිත්මිගෙන් අපි අහන්න හිතුවා.. 

හැමදාමත් වගේ ඇයත් එක්ක කතා කරනකොට සංගීතය ගැන අහන්නේ නැතුව කොහොමද..? සිත්මිගේ සංගීත ජීවිතයේ ආරම්භය වෙන්නේ කොහොමද..?

මම පාසලේ කළේ පෙරදිග සංගීතය.. ඒ විෂය තෝරාගනිද්දී ගෙදරින් කිසිම බලපෑමක් මට තිබුණේ නැහැ.. සංගීත විශාරද කරන්න මට ආසාවක් තිබුණා අවුරුදු 2ක් වගේ මං ඒ වෙනුවෙන් අධ්‍යාපය හැදෑරුවා.. ඒත් ඒක මට කරන්න පුළුවන් වුණේ යම් තරමක දුරට විතරයි..

සිත්මි දක්ෂ, කැමති සංගීතයට විතරද..? මේ වෙද්දී ඔබ අධ්‍යාපනය හදාරන විෂයන් ගැනත් කතා කරමු..

early childhood education තමයි මම දැන් study කරන්නේ.. උසස්පෙළින් පස්සේ ඒක හොඳ path way එකක් වෙයි කියලා මං හිතුවා.. පොඩි අයත් එක්කත් මං වැඩ කරන්න කැමතියි.. ඒ නිසා තමයි මං මේක තෝරගත්තේ.. අනික මට ඔස්ට්‍රේලියා ගිහින් ඉගෙන ගන්නත් මේක හොඳ විශයක් කියලා හිතුවා.. ඒත් එක්කම ඒ විශයට ලෝකයේ හොඳ පිළිගැනීමක් තියනවා.. මං කොහොමත් කැමැත්තෙන් හිටියේ මේ වගේ විෂයක් ඉගෙන ගන්න..

ඔබේ ගායන හැකියාව එක් පරාසයකට සීමා වෙලා නැහැ.. කලා පවුලක දරුවෙක් වෙන ඔබේ සංගීත ජීවිතය ගැනත් අපි කතා කරමු..

මං මගේ මුල්ම සින්දුව release කළේ මේ අවුරුද්දේ පෙබරවාරිවල.. ඒක western style එකක ගීතයක්.. මං සංගීතයෙන් ඈත් වෙන්නේ නැහැ.. මොකද මං අම්මා තාත්තා ඉන්න නිසා නිතර නිතරම ලංකාවට එනවා.. ඒ වගේමයි මම එන අවුරුද්දේ තවත් වෙනස් විදිහේ ගීත දෙකක් කරන්න හිතාගෙන ඉන්නවා.. slow and easten වගේ ගීත දෙකක් ඉදිරියේදී මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ.. අපි බලමු පුළුවන් ඉක්මනින් ඒ දේවල් කරලා ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න මම උත්සාහ කරනවා..

ඔබේ තාත්තා රටේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්.. මොකද හිතෙන්නේ ඔබ රොෂාන් ප්‍රනාන්දුගේ දුව වීම ගැන..

තාත්තා දැන් මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 33ක්.. මේ ක්ෂේත්‍රයේ රැදී ඉන්න එක ඇත්තටම අමාරු දෙයක්.. ඉතින් එයා මිනිස්සුන්ට හොඳම දේ දීලා එයාගේ වැඩ කොටස හොඳට කරනවා.. ඒ නිසා තමයි මම හිතන විදිහට ඔහු මේ තරම් කාලයක් මිනිස්සුන්ගේ ආදරයත් එක්ක තාත්තාට ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න පුළුවන් වෙනවා ඇත්තේ..

තාත්තා විතරක් නෙවෙයි, අම්මාත් ගායනයට ගොඩක් දක්ෂයි නේද..? ඇගෙන් සිත්මිට ලැබෙන සහයෝගය මොන වගේද..?

අම්මාත් පොඩි කාලේ ඉඳලා සංගීතය කරපු කෙනෙක්.. ඒත් එයා ගායිකාවක් විදිහට ඉදිරියට එන්න ඒ තරම් කැමැත්තක් නැහැ.. ඒ දෙන්නාගේ wedding song එක විදිහට තමයි සුපෙම් සුවදක් අරන් ගීතය ඒ දෙන්නා කරලා තියෙන්නේ.. එයා තාත්තා එක්ක තමයි සින්දු කියන්නේ.. ඒ වගේම තමයි අම්මාගේ තාත්තාගේ දෙන්නාගේම වැඩ කොටස ගෙදර ඉෂ්ට කරන්නේ අම්මා තමයි.. ඒත් ඉතින් තාත්තා ගෙදර ඉන්නවා නම් family time spend කරන්න ගොඩක් කැමතියි.. කොවිඩ් කාලේ අපිට ඒ වගේ කාලය ගත කරන්න අවස්ථාව ලැබුණා...

කලාකරුවෙකුගේ දියණියක් විදිහටත්, තරුණියක් විදිහටත් ඔබ සමාජ මාධ්‍ය ගැන දකින්නේ කොයි විදිහටද..?

social media ගැන පොදුවේ ගත්තාම මම facebook නම් ඒ තරම් පාවිච්චි කරන්නේ නැහැ.. මම ගොඩක් රැදෙන්නේ ඉන්ස්ටර්ග්‍රෑම් එකේ.. ඒ විතරක් නෙවෙයි, මම ටික්ටොක් එකවුන්ට් එකක් නම් ගොඩක් කලින් ඉඳලාම තියනවා... මම ටික් ටොක්වලට නම් ආසාවක් තියනවා.. වැඩකට ඇති දේවල් වගේම එහෙම නැති දේවල් පවා ටික්ටොක්වල තියනවා... ඒක පාවිච්චි කරන කෙනා අනුව තමයි වෙනස් වෙන්නේ..

සංගීතය පැත්තෙන් සිත්මිට තියන ඉලක්කය මොන වගේද..?

කවදාවත්න් මියුසික් කරලා ඉස්සරහට යන්න මට පොඩි කාලේ ඉඳලාම ආසාවක් තිබුණේ නැහැ.. මට ඕන වුණේ අධ්‍යාපන කටයුතු හොඳට කරගන්න... තාත්තා නිසා මට අවස්ථාව ලබාගන්න ලේසි වුණත් අපේ තාත්තා ඒකට කැමති වුණේ නැහැ.. තාත්තා කිව්වේ ඔයාව මිනිස්සු දන්නවා නම්, ඔයාට මිනිස්සු කැමතියි නම් විතරක්, ඔයාට ඒ අවස්ථාවන් ලැබේවි කියලා.. මාත් කැමැත්ත තිබුණේ ඉගෙන ගන්න නිසා මමත් වැඩිපුර කාලය යෙදෙව්වේ ඒ වෙනුවෙන්.. මං හරි ආසයි මගේ නම ඉස්සරහින් ඉගෙන ගත්ත දේවල්වල නම් ගම් වැටෙනවා නම්.. මගේ උපාධිය ලබන වස‍රෙන් අවසන් වෙනවා.. මම ඊට පස්සෙත් ඉගෙන ගන්න හිතාගෙන ඉන්නවා..

ඒ කියන්නේ සිත්මි ලොකුවට දේවල් ප්ලෑන් කරන්නේ නැද්ද..?

මං කොහොමත් මං ආස දේවල් කරනවා.. ඒ වෙනුවෙන් තමයි ගොඩක් කාලය කැප කරන්නේ... ඊට පස්සේ තමයි මං අනිත් වැඩකටයුතු ගැන ප්ලෑන් කරන්නේ..

සිත්මිගේ සහෝදරයෝ දෙන්නා ගැනත් මේ වෙලාවේ නොකිව්වොත් ඒක ලොකු අඩුවක් වේවි..

ඔව් මගේ මල්ලිලා දෙන්නා ගැන මතක් කරන්න ඕන.. දැන් ඒ දෙන්නා ලොකුයි.. ඒත් සාමාන්‍ය ගෙදරක සහෝදර සහෝදරියෝ අතර තියන රණ්ඩු ඔක්කොම අපේ ගෙදරත් තියනවා... එයාලා ලොකු වුණා කියලා ඒකේ වෙනසක් නැහැ,... මම නිවාඩුවට එනකොට එයාලාට තෑගි අරන් එනවා.. ඉතින් මාව බලන්න කෙසේවෙතත්, මං ගේන තෑගි බලන්න තමයි එයාලා බලාගෙන ඉන්නේ..

තරුණියක් විදිහට ප්‍රේමය ගැනත් සිතුමිට අදහසක් ඇති.. ඒ ගැන සිත්මිට මොකද්ද කියන්න තියන්නේ..

අපිට අම්මාගෙන්, තාත්තාගෙන් ලැබෙන ආදරේ කොහොමත් තියනවා නේ.. ඒ ආදරේ හරි අවංකයි.. යම්තාක් කාල‍යක් ගියාම අපි කෙනෙක් තෝරා ගන්නවා අපේ ජීවිතයට, ඒත් මං දකින විදිහට අපේ කාලේ අය life partner කෙනෙක් තෝරා ගන්න ඉක්මන් වෙනවා වැඩි.. පස්සේ ඒ අයටම හිතෙනවා ඒක හරි මෝඩ වැඩක් කියලා.. කොච්චර දියුණු සමාජය වුණත්, සමහර වෙලාවට සමහර අය මෝඩ තීරණ ගන්නවා දැකගන්න පුළුවන්.. අම්මා තාත්තාගෙන් ලැබෙන ආදරේට වඩා මේ ආදරේ ගැන අපි හිතන්න ඕන.. මොකද දෙමව්පියන්ගේ ආදරේ හොරබොරු වංචා නෑ.. ඉස්සෙල්ලා අපි අපිට ආදරය කරන්න ඕන.. ඊට පස්සේ අපිට හොඳ life partner කෙනෙක් තෝර ගන්න පුළුවන් වේවි..

ඒ කියන්නේ සිත්මි මේ තීරණය ගන්න තව කාලයක් ගනිවිද..?

ඔව් මම මේ තීරණය ගැන තව හිතනවා වෙන්නත් පුළුවන්.. නැත්නම් ඒ තීරණය මේ වෙද්දී මම ගන්න ගමන් ඉන්නවා වෙන්නත් පුළුවන්...

     


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top