හෙට සිට උතුර සහ නැගෙනහිර පළාත්වලට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා..
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අනිද්දා වන විට බටහිර සිට වයඹ දෙසට ගමන් කර ශ්‍රී ලංකා - තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිතදිග බෙංගාල බොක්ක වෙත ළගා වීමට ඉඩ පවතින බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා..
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් වැසි වැඩි විය හැකි අතර දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ..
අද පෙරවරු 8යි 30න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර 53 දශම 05ක් ගාල්ල - උඩුගම ප්‍රදේශයෙන් වාර්තා වුණා..
දිවයිනේ ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ප්‍රකාශ කළා..
මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අද සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ, අද දිනයේ දිවයින පුරා වායු ගුණ තත්ත්වයේ අගය 90ත් 180ත් අතර අගයක පැවතිය හැකි බවයි..
යාපනය හා පොළොන්නරුව නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය අහිතකර මට්ටමක පවතින අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවද සදහන්..
දැනට පවතින තත්ත්වය අනුව, නුවරඑළිය, කලුතර හා හම්බන්තොට යන නගරවල පමණක් එය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ..