Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
09
"මගේ ඇඟ වෙව්ලන්න ගත්තා... දෙවියනේ දොස්තර කෙනෙක් ළඟට ගිහින් කන්‍යාවක් ද කියලා දැන ගන්න..." - මධුසමය දා ඇඳ ඇතිරිල්ලේ රතු පැල්ලම සොයපු දෙමව්පියෝ...

- "මගේ ඇඟ වෙව්ලන්න ගත්තා... දෙවියනේ දොස්තර කෙනෙක් ළඟට ගිහින් කන්‍යාවක් ද කියලා දැන ගන්න..." - මධුසමය දා ඇඳ ඇතිරිල්ලේ රතු පැල්ලම සොයපු දෙමව්පියෝ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"මගේ ජීවිතේ ඒ තරම් ලැජ්ජාවට පත් වූ තවත් දවසක් නැහැ." ඇය අතීතය සිහිපත් කළාය.

"මම දන්නවා දැන් මම විවාහකයි කියල. මධු සමය දවසෙ මේ දේ සිද්ධ වෙනවා කියලත් මම දැනගෙන හිටියා. ඒත් ඒ වෙලාවේ මට හිත හදා ගන්න බැරි වුණා."

එල්මිරා (ඇයගේ සැබෑ නම නොවේ) එවකට 27 හැවිරිදි ය. සරසවි අධ්‍යාපනය නිම කර රැකියාව ආරම්භ කළා පමණි.

ඇයට ස්වාමි පුරුෂයා සොයා දෙන ලද්දේ ඇයගේ දෙමාපියන් විසිනි.

"මගේ අම්මව සතුටු කරන්න ඕන නිසා මම ඒ විවාහයට කැමති වුණා," එල්මිරා පවසන්නීය.

"එයා අපේ අසල්වාසියෙක්. මට වඩා ගොඩක් වෙනස් කෙනෙක්. එයා ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. කිසි ම ගැලපීමක් නැහැ."

"මගේ සහෝදරයා මාව එයාට හඳුන්වල දුන්න. මම අසල්වැසියෙක් විවාහ කර ගන්න එක ගැන අම්ම හරිම සතුටින් හිටියේ. ළඟ පාත නිසා අම්මට මාව නිතර ම දකින්න පුළුවන් නේ."විවාහයක් කර ගැනීම සඳහා තව ම සූදානමක් නොමැති බව එල්මිරා සිය මවට දැනුම් දුන්නාය. මව ඒ බව සිය ඥාතීන්ට දැනුම් දුන්නාය.

ඇය කන්‍යාභාවය අහිමි කර ගෙන ඇති හෙයින් එම තීරණයට පැමිණ ඇතැයි යන සැකය ඔවුන් තුළ මතු වීම නිසා එල්මිරා ට දැඩි පීඩනයක් එල්ල විය.

නමුත්, ඇත්ත වශයෙන් ම ඇය මුලින් ම ලිංගිකව එක් වී ඇත්තේ මධුසමයේ පළමු රාත්‍රියේය.

එය තමන් ගේ පළමු අත්දැකීම බව තම ස්වාමි පුරුෂයා දැන සිටියේය. නමුත්, ඒ මොහොතේ එල්මිරාගේ හැඟීම් පිළිබඳව ඔහු ගේ තැකීමක් නොවීය. මේ ඇයගේ පැහැදිලි කිරීමයි.

නව යුවළ ගේ පළමු එක්වීම සහ මනාලියගේ කන්‍යාභාවය වෙනුවෙන් සාක්ෂි දැරීම සඳහා ඉහත කී ස්ත්‍රීන්ගේ සහභාගිත්වය සම්ප්‍රදායානුකූලව සිදු විය.

පළමු රාත්‍රියට සාක්ෂි දැරීම සහ ඇඳ ඇතිරිල්ල 'පෙරෙට්ටුවට' තැබීම අසර්බයිජානයේ පිටිසර පෙදෙස්වල බහුලව දක්නට ලැබෙන චාරිත්‍රයක් බව එරට මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.
 
ඇතැම් විට විවාහ මංගලෝත්සවයට පෙර "විශේෂඥයෙකු" විසින් මනාලියගේ කන්‍යාභාවය පරීක්ෂා කරනු ලැබේ.
 
ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සංවිධාන මෙම පිළිවෙත ප්‍රශ්න කරති. ඊට තිත තැබිය යුතු බව එක්සත් ජාතීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
 
ඇඳ ඇතිරිල්ලේ සාක්‍ෂිය සොයන සම්ප්‍රදාය තවමත් රටවල් 20ක පමණ ක්‍රියාත්මක වන බවත් එය කාන්තාවට නින්දා පමුණුවන අප්‍රසන්න දෙයක් බවත් එම සංවිධාන පවසති.
 
ඔවුන් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ "කන්‍යාභාවය" (virginity ) නමින් කිසිදු සංකල්පයක් වෛද්‍ය විද්‍යාවේ නොමැති බවත් සමාජයීය, සංස්කෘතික සහ ආගමික චින්තනය මත පමණක් එම සංකල්පය පවතින බවත්ය.
 
එල්මිරා සිය මධුසමයේ පළමු රාත්‍රිය පුරා වින්දේ බිය, ශාරීරික වේදනාව සහ ලජ්ජාව පමණි.

"මම හොඳට ම බය වෙලා කිසි ම දෙයක් කියා ගන්න බැරිව තනි වෙලා හිටියා. මුළු රෑ ම මම නිදි නැහැ. ඒත් එයා ගණන් ගත්තේවත් නැහැ. අන්තිමේදී හොඳට නිදා ගත්තා."

උදෑසන ම ඇඳ ඇතිරිල්ල රැගෙන යාම සඳහා "සාක්ෂිකාරිය" කාමරයට පැමිණියාය.
......................

"මම දැනගෙන හිටියා දැන් හැමෝම මේ බෙඩ් ෂීට් එක පරීක්ෂා කරනවා කියල," එල්මිරා ඒ බියකරු රාත්‍රිය සිහිපත් කළාය.

නේගාර්, අසර්බයිජානයේ පිටිසර ගම්මානයක තරුණියකි.

විවාහ මංගලෝත්සවයෙන් පසුව ඇයට පළමු රාත්‍රිය ගත කිරීමට ලැබුණේ අල්ලපු කාමරයේ "උපදේශිකාවක" හෝ කිහිප දෙනෙකු පමණක් සිටියදී නොවේ. "මුළු ගම ම" නේගාර්ගේ කුටියේ දොර අබියසට රොක් වී සිටියහ.

"මගේ ජීවිතේ ඒ තරම් ලැජ්ජාවට පත් වූ තවත් දවසක් නැහැ. ඒත් මං හිතුව මේක සාමාන්‍ය දෙයක් කියල."තම ස්වාමි පුරුෂයා සමග ලිංගිකව එක්වීම සඳහා කිසිදු ආශාවක් ඇති නොවූ බව පවසන ඇය කියා සිටියේ, කාමරයේ වසා තිබුණු දොර අද්දරට වී සිටින පිරිස "හුස්ම ගන්නා ශබ්දය පවා" තමන්ට ඇසුණු බවය.

පසු දා උදෑසන ඇයට ද ඇඳ ඇතිරිල්ල ප්‍රදර්ශනය කිරීමට සිදු විය.

එවකට නේගාර් 18 වන වියට පා තැබුවා පමණි. තිස් හැවිරිදි ඇය දැන් දික්කසාද වූ කාන්තාවකි.

තම මංගල රාත්‍රිය පුරා අල්ලපු කාමරයේ සිටි තම ඥාතීන් "විකෘති ආශාවන් ඇති කාමාතුරයන්" බව නේගාර් පවසන්නීය.

අසල්වැසි ආමේනියාවේ ද මීට සමාන විවාහ චාරිත්‍රයක් පවතී. ඇතැම් විට එය ජෝර්ජියාවේත්, කොකේසස් කඳුවැටියේ උතුරුකරයේ පවතින රුසියානු ගම්මාන තුළත් දැකිය හැකිය.
මෙම චාරිත්‍රය හැඳින්වෙන්නේ "රතු ඇපල්" නමිනි. මෙහිදී "සාක්ෂිකාරියක" අල්ලපු කාමරයට පැමිණෙන්නේ නැත.

"රතු ඇපල්" චාරිත්‍රයේදී, තම දියණිය "පතිවත රැකි පිරිසිදු" තරුණියක බව ඔප්පු කිරීම සඳහා මනාලියගේ වැඩිහිටියන්ගෙන් අනෙකුත් ඥාතීන් සහ අසල්වැසියන්ට ආරාධනාවක් ලැබෙනු ඇත.

"ඉතින් මුළු ගම ම එකතු වෙනවා මේ 'නින්දාසහගත චාරිත්‍රය' ඉටු කිරීමට" මානව හිමිකම් ක්‍රියාධාරිනී නිනා කාරාපෙටීයාන්ස් පැවසුවාය.

ආමේනියාවේ පිටිසර පෙදෙස්හි දෙමාපියෝ බොහෝ විට තම දියණිය 18 වියට පා තබද්දී දීග දීමට පෙළඹෙති.

"ඇපල් පරීක්ෂාවෙන්" අසමත් වුවහොත් එම තරුණිය පවුලෙන් ද නෙරපා හැරීමට ඉඩ තිබේ.

ආමේනියාවේ පිටිසර බද ගම්මානයක සිදු වූ එක්තරා සිද්ධියක් එලාඩා ගොරීනා විස්තර කළාය.

"මංගල රාත්‍රියේදී ඇඳ ඇතිරිල්ල බලද්දී ඒකෙ ලේ පැල්ලමක් තිබිල නැහැ. ඉතින් මහ රෑ මැදියමේ මනාලයාගේ පවුලේ අය එකතු වෙලා මනාලියව දොස්තර කෙනෙක් ළඟට අරගෙන ගිහින් තියෙනවා ඇය කන්‍යාවක් ද කියල දැන ගන්න."

මෙවැනි සිදුවීම් නිසා ඇතැම් කාන්තාවන් දීර්ඝ කාලීනව ප්‍රචණ්ඩත්වයට පවා මුහුණ දෙන බවත් ඇය පවසන්නීය.

උපුටා ගැනීම BBC සිංහල වෙබ් පිටුවෙන්...
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top