මහාචාර්යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
කෘමිනාශක, වල්නාශක වර්ග 11ක් රජරට පුද්ගලයින්ගේ මුත්‍රාවල තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නද එය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති බවයි එහිදී මහාචාර්යවරයා සඳහන්කර සිටියේ.
එමෙන්ම අපගේ අහාර පිළිබඳව පරික්ෂා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නද අප තවනත් එසේ සිදුකර නොමැති බවයි ඔහු මාධ්‍ය හමුවේ පවසා සිටියේ.
අනුරාධපුරයේ අවුරුදු 15-17ත් අතර පාසල් සිසුන් 100ක් සම්බන්ධකරගෙන සිදුකළ පරීක්ෂණයකින් තැලිසීමියා අගය 23.9%ක් වී ඇති බවත් කුරුණෑගල එම අගය 20.6ක් ලෙස සටහන් වී ඇති බවයි මහාචාර්යවරයා එහිදී වැඩිදුරටත් පැවසූවේ.