වසර 54ක් සිරියාව පාලනය කළ අසාද් පාලනය බිඳ දමමින්, සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් එරටින් පළා ගොස් තිබෙනවා.
සිරියානු ජනාධිපතිවරයා ගුවන් යානයකට ගොඩවී නාඳුනන ගමනාන්තයකට පිටත්ව ගිය බවටයි එරට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ.
මේ වනවිට කැරලිකාර කණ්ඩායම් සිරියාවේ ඩැමස්කස් අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසක බලය තමන් යටතට ගෙන ඇති අතර සිරියානු අග්‍රමාත්‍යවරයා පවසා ඇත්තේ සුමට බලහුවමාරුවක් වෙනුවෙන් සුදානම් බවයි.
පසුගිය සති දෙකක කාලය පටන් කැරළිකරුවන් ජනාධිපතිවරයාට විරෝධය දක්වමින් සටන් ආරම්භ කළ අතර, ඔවුන්ගේ ප්‍රහාරයන් හමුවේ රජයේ හමුදා පසුබැසීමට ද පියවර ගත්තා.
සිරියාව තුළ කිසිදු සටන්කාමී කණ්ඩායමක් ජාත්‍යන්තර සහය නොමැතිව ක්‍රියාත්මක නොවූ අතර අසාද් පාලනය සඳහා ඉරානය, රුසියාව සහ හිස්බුල්ලා සංවිධානය දැඩි සහයක් ලබා දුන්නා.
සිරියාවේ ඩෙරා නගරය කේන්ද්‍ර කරගනිමින් 2011 වසරේ ඇති වූ මෙම විරෝධතාවලින් ප්‍රකාශ වූයේ, 1970 සිට සිරියාව පාලනය කළ අසාද් පාලනය නිමා කරමින් බෂාර් අල් අසාද් ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවයි.
එම සාමකාමී විරෝධතා මර්දනය කිරීමේ අරමුණින් අසාද් පාලනය,මාරාන්තික පිළිවෙතක් ගෙන ගිය අතර එය මැඬලීමත් සමග විරුද්ධ පාර්ශ්ව ආයුධ සන්නද්ධව සටනට පිවිසියා.
අවසානයේදී සිරියා රජය එම යුද්ධය ජය ගත්ත ද ඉන් දහස් ගණනකගේ ජීවිත අහිමි වුණා.
කෙසේ වෙතත් වසර 54ක් සිරියාව පාලනය කළ අසාද් පාලනය බිඳ දමමින්, සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් එරටින් පළා ගොස් ඇති අතර, එරට අග්‍රාමාත්‍යවරයා යටතේ රට පාලනය වෙමින් පවතිනවා.