ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙක් වන කෞශාල් රණසිංහ ගැන අපි ඔබට දින කිහිපයකට පෙර කිව්වා මතක ඇති.
මේවන විට ජාත්‍යන්තර ආයතනයක නීතිවේදියෙක්, මානව හිමිකම් සහ තරුණ කටයුතු පිළිබඳව Advocacy නිලධාරියෙක් ලෙස කටයුතු කරන ඔහු ප්‍රංශයේ සරණාගත ප්‍රජාව පිළිබඳව නීති උපදෙස් ලබාදෙමින් කටයුතු කරනු ලබනවා.
ඒ වැඩ කටයුතු අතරම නර්තනයට ද සම්බන්ධ වන ඔහු ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයක් විසින් ප්‍රතිනිර්මාණය කරන ඉන්දීය ”සාකුන්තලා” නාට්‍යයේ ප්‍රධාන චරිතයට ජීවය එක්කාසු කළා.
ඒ පසුගිය 30 වෙනිදා ප්‍රංශ ජාතික කෞතුකාගාරයක් වන Musée Camille Claudel සමඟ එක්ව Nogent-sur-Seine හිදී.